අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව : දේශබන්දු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්!

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW :

2022 වසරේ පැවති අරගල සමයේ , සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව අධිකරණය තීන්දු කළේය.

මෙම වගකීම එවකට බස්නාහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් දෙදෙනෙකු වෙත පවරා තිබේ.

අදාළ තරුණයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් විය.

මෙය පොලිස් නිලධාරීන් තම බලතල අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීමට අධිකරණය ගත් වැදගත් පියවරක් ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...