ගයානා තොටුපළ අනතුර: 100 ක් පමණ මිය ගොස් ඇති බවට සැකයක්!

රෂිකා හෙන්නායක ජූලි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගයානා වෙරළට ඔබ්බෙන් වූ MV Barima යාත්‍රාව පෙරළීමෙන් පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවට සැක කෙරෙන අතර, ඉන් 53 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට සොයාගෙන ඇත.

බෝට්ටුව අධික ලෙස බඩු බාහිරාදිය සහ මගීන්ගෙන් පිරී තිබීම, කාර්මික දෝෂ නොසලකා හැරීම සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද වීම පිළිබඳව දිවි ගලවා ගත් අය සහ වින්දිතයන්ගේ පවුල් දැඩි චෝදනා එල්ල කරති.

මෙම අනතුර සම්බන්ධයෙන් යාත්‍රාවේ කප්පිත්තා ඇතුළු කාර්ය මණ්ඩලය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

රජය මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවට පොරොන්දු වී ඇති අතර, වසර 87ක් පැරණි මෙම යාත්‍රාව තවදුරටත් සේවයේ යෙදවීම පිළිබඳව ද ප්‍රශ්න මතු වී තිබේ.

අතුරුදහන් වූවන් වෙනුවෙන් තවමත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව බලධාරීහු පවසති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...