එංගලන්තයේ පබ්, ක්ලබ් සහ සජීවී සංගීත ස්ථානවලට නව අගමැතිගෙන් ව්‍යාපාරික බදු සහනයක්!

සටහන – පුලී

ජූලි 23, LNW (කොළඹ): එංගලන්තයේ පබ් (Pubs), ක්ලබ් (Clubs) සහ සජීවී සංගීත ප්‍රසංග පවත්වන ස්ථාන සඳහා ලබන අප්‍රේල් මාසයේ සිට ව්‍යාපාරික බදු (Business Rates) 20%කින් අඩු කරන බව අගමැති ඇන්ඩි බර්න්හැම් නිවේදනය කර තිබේ.

අගමැති කාර්යාලය පවසන්නේ, මෙම සහනය හේතුවෙන් සාමාන්‍ය පබ් එකකට ලබන වසරේදී පවුම් 1,100ක් පමණ බදු ඉතිරි කරගත හැකි වනු ඇති බවයි.

මෙම බදු සහනය ක්‍රියාත්මක කිරීම සඳහා පවුම් මිලියන 100ක පමණ මුදලක් වැය වන අතර, එය වේප් (Vape) අලෙවිසැල් වැනි ව්‍යාපාර සඳහා ලබාදෙන ඇතැම් බදු සහන නැවත සමාලෝචනය කිරීමෙන් සපයා ගැනීමට සැලසුම් කර ඇත. කෙසේ වෙතත්, මෙම සහනය ඉතා විශාල සජීවී සංගීත ප්‍රසංග ස්ථාන සඳහා අදාළ නොවේ.

මෙම ප්‍රතිපත්තිය ඊළඟ බදු වර්ෂය ආරම්භ වන අප්‍රේල් මාසයේ සිට පමණක් ක්‍රියාත්මක වන බැවින්, එහි වැඩිදුර විස්තර මෙම වසරේ සරත් සෘතු අයවැයෙන්ඉදිරිපත් කිරීමට නියමිත බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙය නව අගමැතිවරයා දින තුනක් තුළ ප්‍රකාශයට පත් කළ තුන්වන ප්‍රධාන ප්‍රතිපත්ති නිවේදනය වේ. මීට පෙර, 2027 ජනවාරි සිට එංගලන්තයේ බස් ගාස්තු උපරිමය පවුම් 2ක් ලෙස සීමා කිරීම සහ ඔක්තෝබර් මාසයේ සිට ගෘහස්ථ විදුලි බිල්පත් සඳහා අය කරන VAT බද්ද අඩු කිරීම ද ඔහු නිවේදනය කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...