කලු ජූලිය අවසන් නැත ….

කලු ජූලිය යනු ඉතිහාසයේ සිට ඇදී ආ සිද්දි දාමයන් පෙලක උත්කර්ෂයට නැංවුන එක් නිශ්චිත ප්‍රචන්ඩ ජවනිකාවක් පමණි.

මහාවංසය යනු සිංහලයේ වීරකාව්‍යයකි..එහිදී එකී වීරකාව්‍යයේ වීර නරපතියන් අසහාය වීරයන් කරවා ඇත්තේ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් තූ තූ කර දැමූ ඉතිහාස යුද්ධ ප්‍රයාන ගැන ලිවීමෙනි. ඇත්තෙන්ම එයද ඒක පාර්ශවික ලියමනක් බවද සඳහන් කරනු කැමැත්තෙමි.

සුද්දා ලංකාව හැරදා ගිය පසු ලංකාවේ පාලකයන් ලංකාවේ හමුදාවල රෙජිමේන්තු නම්කරනු ලැබුවේද මහාවංසයේ සඳහන් දමිළයන් කපා හෙළූ රජවරුන්ගේ නම් වලිනි. (ගැමුණු, ගජබා, විජයබා )

එතැන් සිට මේදක්වාම මහාවංසය පෙරලමින් කුරුඳුමලෙයි කදුරුගොඩ කරමින් යාපනය අර්ධද්වීපයේ දකුණේ බෞද්ධ පුරාවස්තු හොයන වර්තමානය දක්වාම දිවයන්නේ කළු ජූලියේ මතු පිටට නොපෙනෙන යට ඇති නිධාන කතා පෙලයි. මා මෙහිදී මහාවංශ කතනයන් විවේචන නොකරමි. මන්ද එය අචේතනික ඉතිහාස වස්තුවක් වන බැවින්. ගැඨළුව ඇත්තේ එය එලෙසින්ම වර්තමානයට ගලප්පවන ගෝත්‍ර වාදය තුලය..

රටේ නිල හමුදාවල් නම් කල ගජබා,විජයබා රෙජිමේන්තු අනුව යමින් තමන්ගේ දේශප්‍රේමී බලකායන්වල අඥ්ඥාපතියන් “කීර්ති විජේබාහු” නමින් නම් කරගත් 88 ජ.වි.පෙ. සිට රාජපක්ෂලා මෙහෙයවූ හමුදාවන් ලවා උතුරේ ජනයාගේ හිස් මතට බර අවිවලින් පතබාන ලෙස මෑතදී බල කල ජවිපෙ දක්වාම සෝමවංශ, කුමාර් ගුණරත්න, විජිත හේරත් දක්වා සියල්ලෝම අර්බුදයේම මළ කෑ ඇන මුරිච්චි මිස විකල්පයන් ලෙස කිසිදා මම නොසිතමි. මේ මොහොතේ පවා ජනප්‍රිය විශ්‍රාමික හමුදා සංසද නිර්මාණය කරන දේශපාලන ව්‍යාපාර නොතකාහරින යතාර්තය නම් හමුදා සංසද උත්කර්ෂයට නැංවෙන සෑම මොහොතකම සිත් රිදෙන පිරිසක් රටේ එහා කොනේ ජීවත්වෙන බවය.

83දී දෙමළ ජනයා ඝාතනය කරමින් ඔවුන්ගේ දේපොල නිදහසේ ගිනිබත් කල තුච්ච බීෂනය එදා සිටි පාලකයන් නොදැක්කා සේ සිටියේය..පසුව එල්.ටී.ටී ඊ. යේ ධරුණුම සටන්කරුවන් නිර්මාණය වූයේ එදා පන බේරාගෙන ඇඳිවතින් උතුරට පලා ගිය තරුණයින්ගෙනි. එල්.ටී.ටී.ඊ.යට දේශීයව හා විදේශීයව දැවැන්ත ව්‍යාපාරයක් වීම සඳහා පාර තනා දෙනු ලැබුවේ 83 තුච්ච ප්‍රහාර විසිනි. ඊළඟට දකුනේ සෙබළුන් දහස් ගනන් එක තැන ඝාතනය කර දැමීමට එල්.ටී.ටී යට අවශ්‍ය ජවය සපයා දෙනු ලැබූවේද 83 ම්ලේච්ඡත්වය විසිනි..

මේවා දම්වැලක පුරුක් සේ එකිනෙකට සම්බන්ද සිද්දි දාමයන්ය…

ධර්මපාලගේ සිට දිගින් දිගටම දෙමළ ජනවාර්ගයාට කරන ලද කෙනෙහිලි කම්වල හේතුවෙන් උතුරේ සන්නද්ධ ව්‍යාපාර බිහිවිය. මේ දෙමළ සන්නද්ධ ව්‍යාපාර විසින් සෙබළුන් දහතුනක් ඝාතනය කිරීම නිසා කළු ජූලිය ඇතිවිය. කළු ජූලිය එල්.ටී.ටී.ඊ ය ප්‍රබල වීමට හේතුවිය. එය අදටත් ගනන් හිලවු නොදන්නා මිනිස් ජීවිත සංඛ්‍යාවක් හා මහා ධන්ස්කන්දයක් දවා හළුක්ල මහා යුද්ධයකට හේතුවිය..

යුද්ධය නිමාවී ඇතත් මේ මොහොතේ රට මුහුණ දෙන ආර්ථික බංකොලොත් කමට ඩොලර් බිලියන එකසීය පනහකටත් වැඩි ධනස්කන්ධයක් වැයවූ යුද්ධය හේතුවූ බව තතු දන්නෝ දනිති.

ජාත්‍යන්තරයේ සහය මත වර්තමාන අර්බූදයේ අගාදයෙන් මදක් ඉහලට ගොඩවී ඇතිබව මතු පිටින් පෙනෙන්නට ඇතත් මින් ඉදිරියට ජාත්‍යන්තර සහය ලබාගැනීම සඳහා ඇවැසි දහතුන්වෙනි සංශෝධනයට අත ගසාගත නොහැකිව රනිල් හිරවී සිටී.

ඒ අතර දකුණේ වර්ගවාදීන් කුරුඳුමලෙයි කදුරුගොඩ කරමින් නිමුනු යුද්ධයේ අළුයට ඇති ගිනි පුපුරු වලට පිඹිමින් ඛේදවාචකයේ ඊළඟ පුරුක සොයනු පෙනේ …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...