බර පාලනය කර ගැනීමට නිර්දේශිත Wegovy දැන් හෘදයාබාධ සඳහාත් අනුමත වෙයි!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ජූලි 24, LNW කොළඹ:
අධික ශරීර බර හා තරබාරු පුද්ගලයින්ගේ බරපතල හෘදයාබාධ ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා, බර අඩු කර ගැනීමේ ප්‍රතිකාරය ලෙස Wegovy එක්සත් රාජධානිය විසින් අනුමත කර තිබේ.

Wegovy හි Semaglutide අඩංගු වන අතර එය 26 ට වැඩි ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ඇති සමහර පුද්ගලයින්ට බර අඩු කර ගැනීමට උපකාර කිරීම සඳහා NHS හි මෙය දැනටමත් නිර්දේශ කර ඇති බව සඳහන්.

හෘදයාබාධ සහ ඊට බලපාන BMI අගයන් සහිත පුද්ගලයින්ගේ හෘදයාබාධ සහ ආඝාත පාලනය කිරීම සඳහා භාවිතා කරන පළමු තරබාරුකමට එරෙහි ඖෂධය බවට Wegovy දැන් පත්වේ.

පුද්ගලයන් 17,600 දෙනෙකුගේ පරීක්ෂණයකින් වසර පහක් දක්වා සතිපතා සෙමග්ලුටයිඩ් එන්නත් කිරීම මඟින් හෘද වාහිනී පද්ධතියේ ඇතිවිය හැකි ප්‍රධාන බලපෑම් 20% කින් අඩු කරන බව පෙන්වා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...