වෙඩි තැබීමේ තැතක් ව්‍යර්ථ වේ!

රෂිකා හෙන්නායක ජූලි 24, කොළඹ LNW:

අද (24) උදෑසන දෙහිවල, උද්‍යාන පාර ප්‍රදේශයේදී නගර සභා පරීක්ෂකවරයෙකු ඉලක්ක කර, වෙඩි තැබීමක් සිදුව ඇති අතර, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු අදාළ නිලධාරියා ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල කළ ද, එම අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

පසුව ඔවුන් පලාගොස් තිබෙන ඇත. වෙඩි තැබීමට තැත් කර ඇත්තේ පිස්තෝල අවියකින් වන අතර, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ , සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 03ක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...