මීගමුව බන්ධනාගාර ගැටුම: අපරාධයක් සිදුව ඇතැයි මහේස්ත්‍රාත්වරියගෙන් ප්‍රකාශයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: මීගමුව බන්ධනාගාරය තුළ පසුගිය 05 සහ 06 යන දෙදින තුළ සිදු වූ ගැටුමෙන් අපරාධයක් සිදුව ඇතැයි මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව විමර්ශන සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

මහේස්ත්‍රාත්දෙවරිය මෙම නියෝගය ලබා දී ඇත්තේ ඊයේ (23) දින එම නීති කෘත්‍ය කැඳවූ අවස්ථාවේදීය.

සිද්ධියේදි මිය ගිය 28 දෙො අතුරින් 17 දෙනෙකු ගිනිඅවියකින් සිදුකළ වෙඩිතැබීමකින් ඇතිවූ වූ තුවාල නිසාත් 11 දෙනෙකු මොට ආයුධවලින් සිදුකළ පහරදීම් වලින් ඇතිවූ බහුවිධ තුවාල නිසාත් මියගොස් ඇතැයි මහෙස්ත්‍රාත්වරිය නිවේදනය කළාය.

එහිදී සිදුවීම සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව එකී විමර්ශනයට අදාළව මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් 200ක්, රැඳවියන් 563ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 130ක්, පොලිස් නිලධාරීන් 11ක් සහ සිවිල් පුද්ගලයන් 65 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම විමර්ශනය සිදුකරන්නේ ජුලි 05 පළමු දිනයේ පහරදීම, ජුලි 06 දෙවැනි දිනයේ පහරදීම, පුද්ගලයන් මියයාම හා බන්ධනාගාර දේපළවලට හානිකිරීම කියන කොටස් 03කට අදාළවය.

එමෙන්ම මීගමුව බන්ධනාගාර නොසන්සුන්තාවයට අදාළව සැකකරුවන් හඳුනාගැනීම සම්බන්ධයෙන්ද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළේය.

“ස්වාමිනි, මේ සිදුවීමේදී තත්ත්වය පාලනය කරන්න වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයේ සිට හදිසි ප්‍රතිකාර උපක්‍රමික බලකායේ නිලධාරීන් 89 දෙනෙකු මීගමුව බන්ධනාගාරයට පැමිණ තිබෙනවා. ඔවුන් ගිනිඅවි 10ක් සහ උණ්ඩ 300ක් රැගෙනවිත් තිබෙනවා. ඉන් වැයකරලා තියෙන්නේ පතොරම් 12ක් පමණයි. ඒ අනුව ගිනිඅවි 10 සහ ඉතිරි පතොරම් මේ වෙද්දි විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. විමර්ශනයේදී දැනට අනාවරණය වී ඇති අන්දමට මේ සිදුවීමේ ගැටුමට මුල්වී ඇත්තේ බන්ධනාගාර අභ්‍යන්තරයට මත්ද්‍රව්‍ය රැගෙනඒම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට තොරතුරු ලබාදුන් රැඳවියන් පිරිසක් ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයක්. පසුව එම ප්‍රහාරය නිලධාරීන් දක්වා ව්‍යාප්ත කර තිබෙනවා. මේ සියල්ල සිදුකර තිබෙන්නේ ඉතා සූක්ෂම විදිහට සංවිධානාත්මකව සැලසුම් කළ සුළු පිරිසක් විසින්. ඒ අනුව සැකකරුවන් 40 දෙනෙකුගේ අන්වර්ථ නාමයන් මේ වෙද්දි අනාවරණය කරගෙන තිබෙනවා. ඔවුන්ගේ නිශ්චිත අනන්‍යතාවයන් හඳුනාගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. “

මෙහිදී මීගමුව බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් මියගිය රැඳවියන් වෙනුවෙන් අගතියට පත් පාර්ශවයක් ලෙස නීතිඥ සේනක පෙරේරාද කරුණු දැක්වීමක් සිදුකළේය.

” ස්වාමිනි, මේ සිදුවීමෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් යන දෙපාර්ශවයම මියගියා. පළමු දිනයේ ගැටුමට පස්සේ දෙවන දිනයේ හානිය වළක්වාගන්න බන්ධනාගාර නිලධාරීන් මොනවාද කළේ කියන එක බරපතළ ගැටලුවක්. ඇයි පළමු දිනයේ ආරවුලට සම්බන්ධ රැඳවියන් අනිත් රැඳවියන්ගෙන් වෙන් නොකළේ? මේ සිදුවීමේදී බන්ධනාගාර ආයුධ ගබඩාවේ කඳුළු ගෑස් තිබුණාද කියන එකත් ප්‍රශ්නයක්. ඉතිං මෙතනදි නොසැලකිලිමත්කම නිසාත් මරණ සිදුවී ඇති බව පැහැදිලියි. ඒ කියන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය නොසැලකිලිමත්කමින් මරණය සිදුකිරීම කියන වරද මෙතනදි වෙලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා කුඩා කවුළුවකින් බන්ධනාගාරය තුළට නිලධාරියෙක් වෙඩි තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 294 මිනිමැරීමේ වරද යටතේ එන 4 වන කොටස සෑම අතින්ම මරණය සිදුවිය හැකි බව දැන දැන සිදුකරන ක්‍රියාවක් තමයි ඒක. මේ විමර්ශනය සමබරව කරගෙන යාමට සුදුසු නියෝග නිකුත් කරන්න කියලා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...