ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:ශ්රී ලංකාව සඳහා වන එක්සත් ජනපද තීරුබදු 44% සිට 10% දක්වා අඩු වීම සම්බන්ධයෙන් වන රාජ්ය තාන්ත්රික මැදිහත්වීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ශ්රී ලංකා දූත පිරිසට හිමි වන බව ඇමරිකාවේ ශ්රී ලංකා තානාපති මහින්ද සමරසිංහ පවසයි.
ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වීම, අතිගරු ජනාධිපතිතුමන්ගේ කාලෝචිත ක්රියාමාර්ග සහ අදාළ නියෝග, මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම (දූත කණ්ඩායමේ නායක), මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, වෙළඳ ලේකම් විමලේන්දිරරාජා, ප්රධාන ආර්ථික උපදේශක සහ ආයෝජන මණ්ඩල සභාපති දුමින්ද හුලංගමුව සහ ඇමරිකාවේ ශ්රී ලංකා තානාපති මහින්ද සමරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්රී ලංකා දූත පිරිසේ දැඩි කැපවීම සහ දක්ෂ ලෙස ඉලක්කගතව සාකච්ඡා පැවැත්වීම, දෛනික සම්බන්ධීකරණය, බුද්ධි තොරතුරු රැස් කිරීම, උපදෙස් සහ වොෂින්ටන් ඩීසී හි ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්රී ලංකාව සම්බන්ධයෙන් හොඳ හිත ගොඩනැගීම හේතුවෙන් ශ්රී ලංකාවට මෙම හිතකර ප්රතිඵලය ලැබුණු බවයි සමරසිංහ මහතා සඳහන් කරන්නේ.
ඇමරිකාවේ ශ්රී ලංකා තානාපතිවරයා ලෙස සිය දිගු සේවා කාලය තව දින කිහිපයකින් අවසන් වීමට නියමිත අතර මෙම ධනාත්මක ප්රතිඵලය තිරසාරව පවත්වා ගැනීම සඳහා ජය ගැනීමට තවත් අභියෝග ඇති බැවින්, අප ඉදිරියට යාමේදී උදාසීන නොවිය යුතු බවට ඔබ සැමට වචනයක් ඉතිරි කිරීමට කැමැත්ත දක්වන බව ඔහු පවසයි.
ඉල්ලීමක් කළහොත් ජනාධිපතිවරයාට සහ මෙරට රජයට සිය සහාය ලබා දීමට මම සූදානමින් සිටින අතර අපගේ ආදරණීය මව්බිමේ යහපත වෙනුවෙන් දේශපාලන න්යාය පත්ර පසෙක තබා කණ්ඩායමක් ලෙස කටයුතු කළහොත්, ශ්රී ලාංකිකයන් ලෙස අපට ජයගත නොහැකි කිසිවක් නොමැති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.


