*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ගමන ආරම්භ කළ යුත්තේ ඔබ විසින් ම ය …

විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගේ සභාපතිත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉදිරිපත් කරලා තියන තේරීම් කමිටු යෝජනාවල සැලකිය යුතු ලෙස සාකච්චාවට භාජනය වියයුතු කරුණු කිහිපයක්ම තිබෙනවා. ඉන් එකක් තමයි එකොළහ වසර (11) වෙනකම් ඉන්නේ නැතුව දහය වසරෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) පැවැත්වීම. අනික තමයි ඒ විදියටම දොළහ වසරෙන් (12) උසස් පෙළ සඳහා දරුවන් වාඩිකරවීම.

ඒ අනුව අවුරුදු දෙකක් ළමයින්ගේ ජිවිතයෙන් ඉතුරු වෙනවා. මේ වයසට සාපේක්ෂව ඒක විශාල කාලයක්. ඉගෙන ගන්න තරම් දේවල් තවත් තියනවා නම් ඊට පස්සේ යෙදෙන අධ්‍යයන කාලය (academic time) ඇතුලේ හරි වෘත්තීය කාලේ (professional time) ඇතුලේ හරි එයාලට ඒවා ඉගෙනගන්න අවකාශ දෙන එක තමයි කරන්න ඕනි. ඔය සිලබස්වල (syllabi) තියන ඔක්කොම ඉගෙන ගෙන කැම්පස් ගිහිල්ල වුණත් මහලොකු දෙයක් වෙලත් නැහැනේ. කාලේ කනවා ඇරෙන්න. කැම්පස් සිලබස්වල තියන ඔය ඔක්කොම ඉගෙන ගත්තත් ඔච්චරම තමයි.

මේකට එකතු වෙන්න ඕනි තවත් දෙයක් තමයි විශ්ව විද්‍යාල මූලික උපාධිවල (basic degrees) කාලය පවා හැකිතාක් අඩුකරන එක. විශේෂයෙන් වෛද්‍ය, ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ වගේ උපාධි ගැන එතරම් දෙයක් කියන්න මට විශේෂඥ බව නැති වුනත් මානව ශ්‍රාස්තවල (humanities) නම් මේ දේ කරන්න හැකියාව තියෙන්න ඕනි.

ගොඩක් වෙලාවට මානව ශාස්ත්‍රවල උගන්වන දේශපාලන විද්‍යා, ආර්ථික විද්‍යා, සංඛ්‍යාන විද්‍යා, සමාජ විද්‍යා, භූගෝල විද්‍යා වගේම සිංහල, ඉංග්‍රීසි, දෙමල, හින්දි, ජපන් සහ තවත් ගොඩක් භාෂා විෂයන් සඳහාත් මේ කාලය අඩුකිරීම සාධාරණයි.

දැනට එම පාඨමාලා වලින් එළියට එන දරුවන් කරන රැකියා සඳහා අවශ්‍ය වෘත්තිමය, න්‍යායික සහ ප්‍රයෝගික දැනුම දෙන්න අවුරුදු තුනක පාඨමාලාවක් හොඳටම ඇති.

හැබැයි ඊටත් වඩා න්‍යායික දැනුමක් අවශ්‍යයි කියල හිතෙනවා නම් ඒ දරුවා ඊළඟ අදියරට යවන්න පුළුවන්. ඒ තමයි පශ්චාත් උපාධි මට්ටම. ඒ වගේම අර අවුරුදු තුනේ කාලය ඇතුලේ ස්වයං අධ්‍යනයන් කරන්නේ (self-studies) සහ ස්වයං ගවේෂණය (self-explorations) කරන්නේ කොහොමද කියන එකත් උගන්වන්න ඕනි, නෝට් ලියනවාට අමතරව.

මානව ශාස්ත්‍ර පාඨමාලාවල කාලය වෙනස් කරන්න ගොඩක් විරුද්ධ වෙන්නේ ශිෂ්‍යයින්ටත් වඩා ඒ ඒ විෂයන්වල ආචාර්යවරු. එයාල කියන්නේ ඒ ”දැනුම” ග්‍රහණය කරගන්න කාලය ඕනි කියන එක සහ අවශ්‍ය විෂය බර (credits) වෙනුවෙන් අච්චර කාලයක් යනවා කියන එක.

විෂය නිර්දේශවල තියන දේවල් ගිල්ලනවා වගේම ඒ දරුවන්ගේ ජීවිතය විකසිත වීම ගැනත් අපි බලන්න ඕනි. විශේෂයෙන් අපි පරම්පරාවක් හැටියට කාල වෙනසත් (time difference) බලන්න ඕනි. විසි එක් වෙනි සියවස වෙනුවෙනුත් අපි උගන්වන්නේ විසිවෙනි සියවසේ විෂය නිර්දේශ. සමහර විෂය කරුණු සර්වකාලීන උනාට සමහර දේවල් යාවක්කාලීන වෙන්න ඕනි.

මොකද අපේ කාලයට වඩා වේගෙන් මේ පරම්පරාවේ කාලය ඉගිළයනවා. අපිට වඩා තාක්ෂනය හරහා ඉගෙන ගන්නවා. මේ පරම්පරාව අපිට වඩා වේගවත්. අපිට වඩා වේගෙන් දේවල් වෙනස් කරන්න බලනවා. නැත්නම් බලාපොරොත්තු රහිත බවට පත්වෙනවා. අපේ පරම්පරාව විසින් එයාලගේ පරම්පරාව වෙනුවෙන් තීරණ ගනිද්දී පරිස්සම් වෙන්න ඕනි.

ඉනුත් විශේෂයෙන් කොළඹින් ඈත විශ්ව විද්‍යාලවල අවුරුද්දක් වැඩියෙන් ඉන්නවා කියන්නේ වෙනම ගේම් එකක්.

ආයතනික අධ්‍යාපනය කියන්නේ ගොඩක් වෙලාවට අන් කිසිම තැනකින් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. එකේ ඉතාම සුවිශේෂ දේවල් තියනවා. හැබැයි අතිශයින්ම නිර්මාණශීලි යව්වනය කියන්නේ හැකිතරම් ඉක්මනින් ආයතනයෙන් ඉවත් වෙලා තමන්ගේම චාරිකාවක් අරඹන්න ඕනි කාලයක්. ඒක ආයතනයක් අස්සේ රඳවා ගන්න හදන එක අපරාධයක්. මිනිස්සු ගොඩක් දේවල් එයාලගේ ගමන ඇතුලේ ඉගෙනගන්නවා කියල මට හිතෙනවා. බලෙන් උගන්වනවට වඩා.

ඒ නිසා මම කියන්නේ නිර්භයව අභිනිෂ්ක්‍රමණය කරන්න කියල. ඔබ ගමන් කරන මාර්ගය විසින්ම බොහෝ දේ ඔබට උගන්වනු ඇති කියල. දේවල් ආයේ ආයේ යාවක්කාලීන කරගන්න අවශ්‍ය නම් ආයෙත් ආයතනය වෙත එන්න. හැබැයි ආයෙත් ඉක්මනට ගමන් ආරම්භ කරන්න.

ඔබ ආරම්භ කරන චාරිකාව විසින් බොහෝ දේවල් ඔබට කියාදෙනු ඇත.

නමුත් ගමන ආරම්භ කළ යුත්තේ ඔබ විසින්ම ය… (ගෞතම බුද්ධ).

~ මහේෂ් හපුගොඩ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan