ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් අයදුම් කරන අයට විශේෂ නිවේදනයක් !

අලුතින් ස්ථාපිත කළ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීමේදී බොහෝ අයදුම්කරුවන් ඇඟිළි සලකුණු නිසි පරිදි සටහන් නොකිරීම, ජීව දත්ත තොරතුරු නිසි පරිදි යොමු නොකිරීම, ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලිපිලේඛන මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ යොමුකිරීමේදී නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම වැනි දුර්වලතා පෙන්නුම් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් මේ වනවිට ඉදිරිපත් කර ඇති අයදුම්පත් 35,000 කට ආසන්න ප්‍රමාණයෙන් නිකුත් කිරීමට හැකිවී ඇත්තේ විදෙස් ගමන් බලපත්‍ර 3700ක් වැනි ප්‍රමාණයක් පමණක් බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ.

එහෙයින් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇමතීමෙන් හෝ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ කරගැනීමෙන් මෙම ගැටලු නිරාකරණය කරගෙන, ඉන් අනතුරුව නිවැරදි අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් යොමුකිරීම පිළිබඳ සියලු විස්තර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...