*
Monday, May 13, 2024
spot_img

Latest Posts

ෂිසෙල්ස් කාන්තාවෝ ජයග්‍රාහීවද,පිරිමි පරාජිතවද වොලිබෝල් සංචාරය නිම කරති

ෂිසෙල්ස් රාජ්‍යයේ වොලිබෝල් සංචාරය අවසන් කරමින් ඊයේ (23) පැවති ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම්වල හමුවීම ද සුපුරුදු ප්‍රතිපලයට අත් කර දෙමින් නිමාවට පත් වුණා.ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම වට 3-1 ලෙස සීසෙල්ස් කණ්ඩායම අතින් පරාජය වුණා.ඒ වගේම පිරිමි සීෂෙල්ස් කණ්ඩායම අන් තරගවලටත් වඩා පහසුවෙන් ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම වෙතින් පරාජය ලැබුවේ වට 3-0 ක් ලෙසයි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ තරගයේ පළමු වටයේ දී සීෂෙල්ස් ක්‍රීඩිකාවන්ව පහසුවෙන් පරාජය කළත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ස්ථාන සහ ක්‍රිඩා රටාවට ඔවුන් හැඩ ගැසුණා.දේහධාරී කාය ශක්තියෙන් වැඩි සීෂෙල්ස් ක්‍රිඩිකාවන්ගේ ක්‍රිඩා රටාව වෙනස් කරමින් ඔවුන් තරගයට පිවිසි අතර එම තත්ත්වයට මුහුණ දෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම උපක්‍රමශීලී වුණේ නැහැ.
ඒ නිසා ඉදිරි වට තුනේදී සීෂෙල්ස් කණ්ඩායම ලකුණු 25 – 19,25- 17 සහ 25 -22 ලෙස තරග වට තුනම තමන්ගේ ග්‍රහණයට නතු කර ගත්තා.මෙහිදී සීෂෙල්ස් නායිකා පෙඩ්රා තරගාවලිය පුරාම දැක් වූ දක්ෂතා ප්‍රදර්ශණය කළ අතර වඩාත් උපායශීලී ප්‍රහාරිකාව බවට පත් වුණේ ඇන්ජලිනායි.කිහිප අවස්ථාවකම පන්දු එසැවීමේ තාක්ෂණික කරුණු නිවැරදිව ඉටු නොකළ ද,මායා ඔවුන් වෙනුවෙන් එම කාර්යය සාර්ථකව ඉටු කළ අතර මරියල් ද කැපී පෙනෙන ක්‍රිඩා රටාවක් පෙන්නුම් කළා.
ශ්‍රී ලංකා නායිකා තිළිණි වාසනා උපායශීලීව සිය ප්‍රහාරයන් සාර්ථක කර ගත්තද ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රහාරයන්වලින් ලකුණු ලබා ගැනීමට තිබුණ ඉඩ ගැන අවධානය යොමු වූ බවක් පෙණුනේ නැහැ.එසේම එකම වැරදි නොකඩවා සිඳුවන අවස්ථාවන් ද දකින්නට ලැබුණු අතර කවීශා ලක්ෂානි අවස්ථා කිහිපයකදීම ඉතාමත් සාර්ථකව දැල ආවරණයේ යෙදුණ ද එය අඛණ්ඩාව සිදු කිරීමට අවධානය යොමු වූ බවක් දකින්නට ලැබුණේ නැහැ.ප්‍රීතිකා ප්‍රමෝදනී ආසියානු තරගාවලියේ කැපී පෙණුනම ක්‍රිඩිකාවක් වුව ද,ඇය ද මේ තරගයේ දී එතරම් සාර්ථකව ක්‍රීඩා කරන බවක් දකින්නට ලැබුණේ නැහැ.ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී පරාජයට අවශ්‍යය සාධක සම්පූර්ණ කරගත් අතර සීෂෙල්ස් කණ්ඩායමේ දක්ෂතාවලට වඩා තරගයේ ප්‍රතිපලයට බලපෑවේ එය බව අවබෝධ කරගත යුතුයි.
පිරිමි කණ්ඩායම් හමුවේදී දීප්ති රොමේෂ් ගේ නායකත්වයේ ආශිර්වාදය සමඟ පිටියට පිවිසි ශ්‍රී ලංකාව තරගයේ පළමු තත්පරයේ සිටම සිෂෙල්ස් කණ්ඩායමට වඩා තමන් කෙතරම් ඉදිරියෙන්ද යන්න පැහැදිළි කළා.මලීහ රවිශාන්ගේ පන්දු සැකසීම ඇතුළත දීප්ති මෙන්ම අයේෂ් ඩිල්හාන්,වසන්ත ලක්මාල් වැනි ක්‍රිඩකයන්ගේ ප්‍රහාර මෙන්ම ආවරණ ඉදිරියේද සීෂෙල්ස් කණ්ඩායමට හිමි වුණේ ලකුණු 25 – 19,25 – 14 සහ 25 – 14 ලෙස පරාජයයි.
සීෂෙල්ස් ක්‍රිඩකයින් ඔවුන්ගේ කාය ශක්තිය යොදා ගනිමින් දැවන්ත පහරවල් සඳහා උථ්සාහ කළ ද,තරග අත්දැකීම් සහිත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එවා ව්‍යර්ථ කරන්නට සමත් විය.එසේම ශරීර ප්‍රමාණය ගත් විට කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් අතර යම් සමානකමක් ද දකින්නට ලැබුණු අතර ක්‍රිඩිකාවන් අතර තිබුණ ශරීර ප්‍රමාණවල වෙනස්කම පිරිමි කන්ඩායම් දෙකින් නොපෙණින.
ඒ නිසා පිරිමි කණ්ඩායම් අතර දුරස් සහ වෙනස්කමක් තිබුණේ ක්‍රීඩා රටාවේය.ක්‍රීඩා රටාව සහ එහි දැක්වූ දක්ෂතා සහ උපායශීලී භාවය සළකද්දී ශ්‍රී ලංකා කණ්ඩායම සෑහෙන්න ඉදිරියෙන් සිටින බවක් දකින්නට හැකි විය.මෙහිදී ශ්‍රී ලංකාවට වැදගත්ම පණිවිඩය ලෙස භාර ගන්නට ඇත්තේ වොලිබෝල් සංචිත මෙම පුහුණු කාර්ය මණ්ඩලය සමඟ අඛණ්ඩව පවත්වාගෙන යාම සහ විදේශීය තරග අත්දැකීම් සංචාර හරහා හෝ මෙරටට කණ්ඩායම් ගෙන්වීම හරහා ලබා දීමය.
වොලිබෝල් හී තරගකාරීත්වය ඉක්මවා ගිය සුහදශීලි හැසිරීම් රටාව සහිතව සමස්ත සංචාරය පුරාම කටයුතු කරමින් ඔවුන් ශ්‍රී ලංකාවට ලබා දුන් මිත්‍රශීලී සහයෝගය අතිශයින් රාජ්‍ය තාන්ත්‍රිකව නාවැරදිව මෙහෙයවා ගැනීමට ක්‍රිඩා කේෂ්ත්‍රය පමණක් නොව අනෙකුත් කේෂ්ත්‍රද අවධානය යොමු කළ යුතුය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan