පැරිස් පහසුකම් මැජික් වගෙ – රොෂාන් නෙත්තසිංහ

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 25, (LNW) කොළඹ :

විරේන් නෙත්තසිංහ සමඟ පැරිස් සුදුසුකම දක්වාම හෙවනැල්ල සේ රැදුණේ පියාය.රොෂාන් නෙත්තසිංහනම් වූ ඔහු නොවන්නට සමහර විට ක්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් දැක් වූ සහය වතුරේ යන්නටද තිබිණ.කිසිඳු සංචාරයක් අවලංගු නොවන්නට කල් ඇතුව වීසා සකස් කර ගනිමින්,විදෙස් රටවලදි මුහුණ පාන්නට වූ අකරතැබ්බවලට මුහුණ දෙමින්,සිය අතින් වියදම් දරමින් පුතුව පැරිස් ගමන සඳහා සූදානම් කරන්නට ඔහු වූ වෙහෙස අපි හොඳින්ම දනිමු.


මේ වන විට පැරිස් ඔලිම්පික් සටනට විරේන් සමඟ ගොස් සිටින රොෂාන් පවසන්නේ පැරිස් ඔලිම්පික් වෙනුවෙන් සකස් වී ඇති තාක්ෂණික පහසුකම් මැජික් බඳු බවය.ක්‍රීඩකයෙක් තරග බිමට හෝ පුහුණුවීමට ඇතුළත් වෙද්දි ඔහුගේ ශරීර සෞඛ්‍ය ගැන මෙන්ම යෝග්‍යතාවය ගැන ද ඇතුළත් වන ස්ථානයේම ඇති යන්ත්‍රවලින් මැන දත්ත ලබා දෙන ක්‍රමයක් සකස් වි තිබෙන බව රොෂාන් පවසයි.


ඒ අනුව ශරීරයේ ඔක්සිජන් ප්‍රතිශත පවා සටහන් වන බව පෙන්වා දෙන රොෂාන් නෙත්තසිංහ එම දත්ත අනුව ඊ ළග තත්පරයේ ඔහුගේ යෝග්‍යතාවය වෙනුවෙන් යම් අඩු පාඩුවක් තිබේනම් තරගයට පෙර ක්ෂණිකව කළ හැකි වෙනස්කම් සඳහා ව්‍යායාම ආදිය ගැන සිතා පුහුණුකරුවන්ට සහ ක්‍රීඩකයින්ට සූදානම් විය හැකි බවත් රොෂාන් පෙන්වා දෙනවා.ඔවුන්ට පුහුණුවීමට දී ඇති ස්ථානයේ මෙන්ම ඔලිම්පික් බැඩිමින්ටන් තරග පවත්වන තරග බිමේද පුහුණුව ලබා සිටින විරෝන් තරග කිරීම සඳහා හොද මානසිකත්වයකින් සිටින බව ද රොෂාන් පෙන්වා දෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂය සුළි කුණාටුව ගැන දැන දැනත් අපට අනතුරු හඟවලා නෑ. මේක සඟවාගෙන හිටියාට විපක්ෂයට නඩු දාන්න ඕනෑ – ඇමති මහින්ද

සටහන - රුවන් නෙළුගොල්ල සුළි කුණාටුවක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ආපදා සහන ක්‍රියාවලියට ආණ්ඩුවේ දේශපාලනඥයින්ගෙන් බලපෑම් – ග්‍රාම නිලධාරීන්ගෙන් චෝදනා !

ආපදා සහන කටයුතු පවත්වාගෙන යාමේදී වත්මන් රජයේ ඇතැම් දේශපාලනඥයින්ගෙන්...

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...