පැරිස් පහසුකම් මැජික් වගෙ – රොෂාන් නෙත්තසිංහ

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 25, (LNW) කොළඹ :

විරේන් නෙත්තසිංහ සමඟ පැරිස් සුදුසුකම දක්වාම හෙවනැල්ල සේ රැදුණේ පියාය.රොෂාන් නෙත්තසිංහනම් වූ ඔහු නොවන්නට සමහර විට ක්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් දැක් වූ සහය වතුරේ යන්නටද තිබිණ.කිසිඳු සංචාරයක් අවලංගු නොවන්නට කල් ඇතුව වීසා සකස් කර ගනිමින්,විදෙස් රටවලදි මුහුණ පාන්නට වූ අකරතැබ්බවලට මුහුණ දෙමින්,සිය අතින් වියදම් දරමින් පුතුව පැරිස් ගමන සඳහා සූදානම් කරන්නට ඔහු වූ වෙහෙස අපි හොඳින්ම දනිමු.


මේ වන විට පැරිස් ඔලිම්පික් සටනට විරේන් සමඟ ගොස් සිටින රොෂාන් පවසන්නේ පැරිස් ඔලිම්පික් වෙනුවෙන් සකස් වී ඇති තාක්ෂණික පහසුකම් මැජික් බඳු බවය.ක්‍රීඩකයෙක් තරග බිමට හෝ පුහුණුවීමට ඇතුළත් වෙද්දි ඔහුගේ ශරීර සෞඛ්‍ය ගැන මෙන්ම යෝග්‍යතාවය ගැන ද ඇතුළත් වන ස්ථානයේම ඇති යන්ත්‍රවලින් මැන දත්ත ලබා දෙන ක්‍රමයක් සකස් වි තිබෙන බව රොෂාන් පවසයි.


ඒ අනුව ශරීරයේ ඔක්සිජන් ප්‍රතිශත පවා සටහන් වන බව පෙන්වා දෙන රොෂාන් නෙත්තසිංහ එම දත්ත අනුව ඊ ළග තත්පරයේ ඔහුගේ යෝග්‍යතාවය වෙනුවෙන් යම් අඩු පාඩුවක් තිබේනම් තරගයට පෙර ක්ෂණිකව කළ හැකි වෙනස්කම් සඳහා ව්‍යායාම ආදිය ගැන සිතා පුහුණුකරුවන්ට සහ ක්‍රීඩකයින්ට සූදානම් විය හැකි බවත් රොෂාන් පෙන්වා දෙනවා.ඔවුන්ට පුහුණුවීමට දී ඇති ස්ථානයේ මෙන්ම ඔලිම්පික් බැඩිමින්ටන් තරග පවත්වන තරග බිමේද පුහුණුව ලබා සිටින විරෝන් තරග කිරීම සඳහා හොද මානසිකත්වයකින් සිටින බව ද රොෂාන් පෙන්වා දෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...