ඉස්සර නම් දිලිත්ට ගේමක් නෑ. දැන් නම් පුතේ ලේසි වෙන්නෑ !

Date:

ජනාධිපතිවරණ සටනට හැතැප්මක් විතර තියලාම සටනට බැහැපු කීපදෙනා අතරින් එක්කෙනෙක් තමයි දිලිත් ජයවීර. ව්‍යවසායකත්ව රාජ්‍යයක් හරහා සතුටු දැයක් හදනවා කියාගෙන තමයි දිලිත් ගේමට එන්ටර් වුණේ.

කොහොමවුණත් දිලිත් මේ සටනේදී තමන්ගේ ස්ථානය රැකගෙන ඉන්න අද (ජුලි 25) දිනය දක්වාම සමත් වෙලා හිටියා. ඒත් අවාසනාවන්ත විදියට අද දිනයේදී තත්වය වෙනස් වුණා.

එහෙම වුණේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයින් හැටියට ඉදිරිපත් වෙනවා කියලා නිවේදනය කිරීමත් එක්කයි. මේ දෙන්නාගේ ආගමනයත් එක්ක දිලිත්ට වැඩේ සෙල්ලම් වෙන්නෙ නෑ. දිලිත්ට තමන්ගේ ස්ථානය රැකගන්න දැන් නම් මාරම ගේමක් දෙන්න වෙනවා.

දිලිත්ට එහෙම ෆයිට් කරලා රැකගන්න වෙන ස්ථානය තමයි “අන්තිම ස්ථානය”.

අර දෙන්නාත් එක්ක කොහෙත්ම ලේසි වෙන එකක් නෑ ඒක රැකගන්න නම් !

නයි මිරිස් කිලෝවක විතර ලුණුමිරිසුත් එක්ක සෑහෙන්න පොල් රොටී කන්න වෙන පස්න තමයි දිලිත්ටත් එන්නේ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...