ඉස්සර නම් දිලිත්ට ගේමක් නෑ. දැන් නම් පුතේ ලේසි වෙන්නෑ !

Date:

ජනාධිපතිවරණ සටනට හැතැප්මක් විතර තියලාම සටනට බැහැපු කීපදෙනා අතරින් එක්කෙනෙක් තමයි දිලිත් ජයවීර. ව්‍යවසායකත්ව රාජ්‍යයක් හරහා සතුටු දැයක් හදනවා කියාගෙන තමයි දිලිත් ගේමට එන්ටර් වුණේ.

කොහොමවුණත් දිලිත් මේ සටනේදී තමන්ගේ ස්ථානය රැකගෙන ඉන්න අද (ජුලි 25) දිනය දක්වාම සමත් වෙලා හිටියා. ඒත් අවාසනාවන්ත විදියට අද දිනයේදී තත්වය වෙනස් වුණා.

එහෙම වුණේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයින් හැටියට ඉදිරිපත් වෙනවා කියලා නිවේදනය කිරීමත් එක්කයි. මේ දෙන්නාගේ ආගමනයත් එක්ක දිලිත්ට වැඩේ සෙල්ලම් වෙන්නෙ නෑ. දිලිත්ට තමන්ගේ ස්ථානය රැකගන්න දැන් නම් මාරම ගේමක් දෙන්න වෙනවා.

දිලිත්ට එහෙම ෆයිට් කරලා රැකගන්න වෙන ස්ථානය තමයි “අන්තිම ස්ථානය”.

අර දෙන්නාත් එක්ක කොහෙත්ම ලේසි වෙන එකක් නෑ ඒක රැකගන්න නම් !

නයි මිරිස් කිලෝවක විතර ලුණුමිරිසුත් එක්ක සෑහෙන්න පොල් රොටී කන්න වෙන පස්න තමයි දිලිත්ටත් එන්නේ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...