*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

රනිල්ට අපි උදව් කළේ අවංකව. ඒකට ලැබෙන දායාදය පොහොට්ටුව දෙකඩ කැඩීම නම් අපි ඒ ගැන බලාගමු!

කොළඹ LNW:රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පක්ෂයක් ලෙස අවංකව සහය දුන් නමුත් එයට ලැබෙන දායාදය පක්ෂය දෙකඩ කැඩීම නම් ඉදිරියේදී පක්ෂයක් ලෙස දේශපාලන තීන්දුවක් වුවද ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන පරිදි පක්ෂය දෙකඩ කැඩීමේ උත්සහයක් පවතින බවයි නාමල් රාජපක්ෂ මහතා කියාසිටියේය.

පක්ෂ කැඩීම රනිල් වික්‍රමසිංහ මහතාගේ සාමාන්‍ය පුරුද්ද බවද ඔහු සඳහන් කරන ලදී.

”අද වෙනකන් අපි රනිල් වික්‍රමසිංහ මහත්තයටවත්,ආණ්ඩුවටවත්,වචනෙකින්වත් මොනවත් කියල නැහැ. අපිට නොගැළපෙන දේවල් කළත්, අපිට ගැලපෙන්නේ නැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළත් වචනෙකින්වත් ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න හෝ මේ රටේ දේශපාලන ස්ථාවරත්වය කඩන්න අපි කටයුතු කරලා නැහැ. හැබැයි ඉතින් පක්ෂයක් විදිහට අපිට ලැබිච්ච දායාදය නම් පක්ෂය දෙකඩ කපු එක. කෙසේවෙතත් අපේ වගකීම අපි ඉටුකරලා තියෙනවා. ඉදිරියේදී අපි දේශපාලන තීන්දුවක් ගමු. සජබේ මන්ත්‍රීවරුත් චෝදනා කරලා තියෙනවා එතුමා පක්ෂ දෙකඩ කඩනවා කියල. බැලූ බැල්මට අපේ පක්ෂයත් කඩන්න උත්සහ කරනවා. ඒක හංගන්න දෙයක් නෙවෙයි. ඒ නිසානේ වෙනත් වේදිකාවල අපේක්ෂකයෝ යෝජනා කරන්නේ. හැබැයි අපි අවංකව රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කළා. හැබැයි අපිට ලැබෙන්නේ අවසානයේ අපේ පක්ෂය දෙකඩ කඩන්න ගන්න උත්සහයක් නම් ඒ පිළිබඳවත් එතුමා කල්පනා කළ යුතුයි. එතුමාගේ පුරුද්දට ඔය පක්ෂ කඩන්නේ. එතුමා ගේන කොට අපි ඒක දන්නවා. එතුමාගේ පුරුද්දක් විදිහට එක්සත් ජාතික පක්ෂය කැඩුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා. යහපාලන ආණ්ඩුව කැඩුවා. ජේවීපී එක කැඩුවා. එල්ටීටී එක කැඩුවා. පොහොට්ටුව නොකැඩුවොත්නෙ ප්‍රශ්නේ. හැබැයි ඉතින් අවශ්‍ය දේශපාලන තීන්දුව රට වෙනුවෙන් ගත්තා. ඉදිරියේදීත් අපි පෞද්ගලිකව නෙවෙයි පක්ෂයත් ආරක්ෂා කරගනිමින් අපි මේ රටට ගැළපෙන දේශපාලන තීන්දුව ගන්නවා.”

කෙසේවෙතත් අදටත් පක්ෂයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ජා කරමින් තිබෙන අතර නොගැළපෙන දේ අතහැර ගැළපෙන තැනකට පැමිණීමට හැකිනම් ආණ්ඩුවක් ගැන තවදුරටත් සාකච්ජා කළ හැකි බවයි නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් ප්‍රකාශ කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan