22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙනවා – මන්ත්‍රී වලේබොඩ

Date:

කොළඹ LNW:22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට දිනයේදී පාර්ලිමේන්තුට ඉදිරිපත් වීමට නියමිත අතර පනත තුනෙන් දෙකකින් සම්මත වන හෙයින් ඒ සදහා තමන්ද සහයෝගය පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

ඒ, අද (25) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආණ්ඩුවේ සැලසුම වන්නේ ජනමත විචාරණයක් හරහා දේශපාලන ප්‍රචාරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම බව මන්ත්‍රීවරයා කියාසිටියේය.

”ජනමත විචාරණයක් තියලා ඒකේ වාසිය ගන්න හදන්නේ. මේක තමයි රජයේ දේශපාලන ප්‍රචාරන වැඩපිලිවෙල. ජනාධිපතිවරණය කල් දෑමීම නෙමෙයි කරන්නේ. ජනමත විචාරණය කරලා ඒක දේශපාලන ප්‍රචාරන වැඩ පිළිවෙල කරගන්නවා.”

මේ අතර පොලිස්පතිවරයාට පනවා තිබෙන වාරණ නියෝගය විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් ලෙස දකින බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වලේබොඩ මහතා පැවසුවේ.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කරන්නේ හීනෙන් නගිටවිත් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එය සටකපට තුරුම්පුවක් වන අතර ඊළඟ කැබිනට් මණ්ඩලයේ වාඩිවීමට කරන උත්සහයක් බවද හෙතෙම ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...