පැපුවා නිව්ගිනියාවේ ගම්මානවලට එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ළමුන් 16 දෙනෙකු ඇතුළුව 26 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය සතියේ පැපුවා නිව්ගිනියාවේ නැගෙනහිර සෙපික්ගේ ඇන්ගෝරම් දිස්ත්‍රික්කයේ තමරා, තම්බාරි සහ ඇන්ග්‍රුමාර යන සෙපික් ගංගා ආශ්‍රිත ගම්මානවලට තරුණ කල්ලියක් විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ළමුන් 16 දෙනෙකු ඇතුළුව 26 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය සමබන්ධයෙන් ඇන්ගෝරම් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පීටර් මැන්ඩි මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, තරුණයන් 30 දෙනෙකුට වැඩි කල්ලියක් විසින් මෙම ම්ලේච්ච ප්‍රහාරය දියත්කර තිබු අතර කාන්තාවන් සහ ගැහැණු ළමයින් විශාල ප්‍රමාණයක් දුෂණය කර සමූල ඝාතනයටද ලක්කර ඇති බවත්, පලාගිය පිරිස සම්බන්ධයෙන් තවමත් තොරතුරු නිශ්චිතව ඉදිරිපත් කර නොහැකි බවත්ය.

කල්ලිය ගම්වලට පහර දීමට හේතුව පොලිසිය තවමත් තහවුරු කර නොමැති අතර කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට අතිරේක පොලිස් සේවා යොදවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...