පැපුවා නිව්ගිනියාවේ ගම්මානවලට එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ළමුන් 16 දෙනෙකු ඇතුළුව 26 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය සතියේ පැපුවා නිව්ගිනියාවේ නැගෙනහිර සෙපික්ගේ ඇන්ගෝරම් දිස්ත්‍රික්කයේ තමරා, තම්බාරි සහ ඇන්ග්‍රුමාර යන සෙපික් ගංගා ආශ්‍රිත ගම්මානවලට තරුණ කල්ලියක් විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ළමුන් 16 දෙනෙකු ඇතුළුව 26 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය සමබන්ධයෙන් ඇන්ගෝරම් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පීටර් මැන්ඩි මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, තරුණයන් 30 දෙනෙකුට වැඩි කල්ලියක් විසින් මෙම ම්ලේච්ච ප්‍රහාරය දියත්කර තිබු අතර කාන්තාවන් සහ ගැහැණු ළමයින් විශාල ප්‍රමාණයක් දුෂණය කර සමූල ඝාතනයටද ලක්කර ඇති බවත්, පලාගිය පිරිස සම්බන්ධයෙන් තවමත් තොරතුරු නිශ්චිතව ඉදිරිපත් කර නොහැකි බවත්ය.

කල්ලිය ගම්වලට පහර දීමට හේතුව පොලිසිය තවමත් තහවුරු කර නොමැති අතර කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට අතිරේක පොලිස් සේවා යොදවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...

නාමල්ගේ සැකය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : පක්ෂ පාට භේදයෙන්...