අපේ ගෙවල් ගිනි තියද්දි කවුරුවත් ට්විටර් පණිවුඩ නිකුත් කළේ නෑනෙ ? – විමලවීර

Date:

මහ මැතිවරණයක් හරහා පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කරගෙන මාස තුන හතරක් ගතවන විට ජනමතය හා පාර්ලිමේන්තුවේ සංයුතිය අතර නොගැලපීමක් ඇතිවීම අලුත් තත්වයක් නොව එය ඉතිහාසය පුරා පැවති තත්වයක් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසනවා.

එනිසා වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය හා පිටත සමාජයේ පවතින ජනමතය අතර බරපතල වෙනසක් පැවතීම එතරම් ගණන් ගතයුතු තත්වයක් නොවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

69 ලක්ෂයක ජනවරමක් සහිතව බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාත්, තුනෙන් දෙකකට ආසන්න බලයක් සහිතව අගමැති තනතුරට පත් වූ මහින්ද රාජපක්ෂ මහතාත් ගෙදර යැවීමෙන් රට සුරපුරයක් වනු ඇතැයි මහපාරට බැස අරගල කළ පුද්ගලයන් බලාපොරොත්තු වූයේ නම් මේ වනවිට මල් පිපී, ගොයම් පැසී, රටට කිරි ඉතිරීම් ආරම්භ වී තිබිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

අරගලයේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 කට ආසන්න පිරිසකගේ, නිවාස, ව්‍යාපාරික ස්ථාන, කාර්යාල, වාහන ආදිය විනාශ වූ බවත් ඒ කිසිදු අපරාධයකට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෝ එවැනි වෙනත් සංවිධායක් ට්විටර් පණිවුඩයක් හෝ නිකුත් නොකළ බවයි විමලවීර දිසානායක මහතා පවසන්නේ. අද විටින් විට ට්විටර් පණිවුඩ නිකුත් කර ආණ්ඩුව විවේචනය කරන බටහිර රටවල්ද මහජන නියෝජිතයන්ගේ ගෙවල් ගිනි ගන්නා අවස්ථාවේදී නිහඬව සිටි බවද ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...