සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සෞදි අරාබිය විසින් යේමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක රැසක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
වාර්තා අනුව, හූතිවරුන් විසින් සෞදි නෞකා සහ තෙල් ටැංකි ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම, රතු මුහුදේ නාවික ගමනාගමනයට එල්ල කල තර්ජන, පසුගිය දිනවල සෞදි ගුවන් තොටුපළ සහ අනෙකුත් ඉලක්ක වෙත හූති ප්‍රහාර එල්ල කිරිම මෙයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ,
ගුවන් ප්‍රහාරවලදී හූතිවරුන්ගේ අවි ගබඩා, මිසයිල දියත් කිරීමේ ස්ථාන, ඩ්‍රෝන මෙහෙයුම් මධ්‍යස්ථාන සහ හමුදා කඳවුරු කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ප්‍රහාර හේතුවෙන් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳ නිල තොරතුරු මෙතෙක් නිකුත් කර නොමැති අතර, හූති පාර්ශ්වයද ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
පසුගිය සති කිහිපය තුළ කලාපයේ ආරක්ෂක තත්ත්වය දැඩි ලෙස උණුසුම් වී ඇති අතර, සෞදි අරාබිය සහ හූතිවරුන් අතර පවතින ගැටුම් නැවතත් උත්සන්න වීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව අවධානයෙන් පසුවෙයි.

