රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ LNW :
ඉන්දියාවේ ධනුෂ්කොඩි ප්‍රදේශයට නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ඇතුළු වූ ශ්‍රී ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් මෑතකදී වත්තල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට සම්බන්ධ බවට බලධාරීන් සැක කරන අතර, ඔවුන්ට එරෙහිව මෙරට මත්ද්‍රව්‍ය නඩු කිහිපයක්ද පවතී.
සැකකරුවන් දැනට තිරුචි හි විශේෂ කඳවුරක රඳවා සිටින අතර, ඔවුන්ව ඉතා ඉක්මනින් නැවත ශ්‍රී ලංකාවට භාරදීමට නියමිතය.
රුපියල් ලක්ෂ තුනක මුදලක් ගෙවා පේසාලේ සිට පලා ගිය මොවුන්ව අල්ලා ගැනීමට ඉන්දීය සහ ලාංකීය ආරක්ෂක අංශවල ඒකාබද්ධ අවධානය යොමුවී ඇත.


