සජබ e කොළම.

Date:

(වොෂින්ටන් මකරා)

🍎කැබිනට් තීන්දු අදාළ නෑ. ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීන්දුව ක්‍රියාත්මක කරන්න අපි බලකරනවා. නැතිනම් උසාවි වහල පාර්ලිමේන්තුව නඩු අහන තැනක් වේවි – වි : නායක සජිත්.

🍎”සක්වල සුහුරා” හෙවත් සජිත් ගේ ස්මාට් පංති සංඛ්‍යාව වාර්තාගත ලෙස 375 ට ලංවෙයි. කුරුණෑගල දිසාවේ පාසල් 07 කට එකම දිනයක  පංති 07 ක් ලබා දෙයි.

🍎රටපුරා සිසු සිසුවියන් ස්මාට් කිරීමේ අරමුණෙන් “සක්වල සුහුරා” සජිත් ගෙන් රටේ දිස්ත්‍රික් 24 ටම ප්‍රජා විශ්ව විද්‍යාල.

🍎දිගටම ලාබ ලැබූ ටෙලිකොම් ක්ෂණිකව පාඩු ලැබුවේ කොහොමද. වසර 20 කදී රු මිලි 25,000 ක් ඔවුන් රජයට බදු හා ලාභ ලෙස ගෙවා තිබුණා. ටෙලිකොම් පෞද්ගලික කරණය කරන ගජමිතුරු ගනුදෙනුව අපි රිවස් කරනවා – සජිත්.

🍎සජබ සංධානය අගෝස්තු 08 හදනවා. පිටින් මන්ත්‍රීවරු 40 කට ආසන්න පිරිසක් ඊට එක්වෙනවා – සජබ මහලේකම් රංජිත්.

🍎සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සියලු ජාති ආගම් කුලමල වල අය සමගි සංධානයේ ඉන්නවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් 08 දා එළියට දානවා – රංජිත්.

🍎ආර්ථික සංවර්ධන පනත ගෙනැත් අනාගත අපේ ආණ්ඩුව හා රට අපහසුතාවට පත් කරන්න මේ හදන්නෙ – කිරිඇල්ල.

🍎2019 ජනපතිවරණයේදීත් උ / නැ ජනතාව 90% ක් ඡන්දය දුන්නේ සජිත්ට. මෙවර ඒක තව වැඩි වෙනවා –  ගයන්ත.

🍎ආර්ථික සංවර්දන පනතට සජබ විරුද්ධයි.  ගෝටාබය වසර 09 ක් රට රිවස් කලා. 2014 තිබුණ ඒකපුද්ගල ආදාමයි අද ලංකාවෙ තියෙන්නේ – ආචාර්ය හර්ෂ.

🍎පාර්ලිමේන්තුව උත්තරීතරයි කියලා ශ්‍රේෂ්ටාධිකරණය දුන් තින්දු වෙනස් කල හැකිද. පොලිස්පති තේරීමේ ඡන්දයේදී වැරැද්ද කල කතානායකටම අන්තිම තීන්දුව දෙන්න කීම හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක් – ඉරාන්.

🍎මැතිවරණ නීති කඩමින් රජය දේශපාලනිකව හැසිරීම කළොත් ඊට වගකිවයුතු සියලු දෙනාට විරුද්ධව ක්‍රියා කරනවා.මැතිවරණ කොමිසමටත් ඒ ගැන පැමිණිලි කලා – චන්දිම වීරක්කොඩි.

🍎සජබ හෝ වෙනත් පක්ෂයකට ඡන්දය පාවිච්ච් කරන බවට ආරංචි අයගේ ජාතික හැදුනුම් පත් නිවසේ මාළිමාවට හිතවත් අය ලවා ගිණි තබන පහත් වැඩක් මාළිමාව ලේස්ති කරලා. එය ඇඹිලිපිටියේදී පොලීසියේ අතටම අහුවෙලා – නලින් බණ්ඩාර.

🍎හිල්ටන් විකුණල ඩො මිලි 20 ක වංගුවක් ගහන්න හදන ජනපති ලේකම් එකේ රීරියකා කවුද – මරික්කාර්.

🍎වත්මන් පොලිස්පති අරගලයට ගහලා මුළික අයිතීන් කඩකල බවට ඔහු තනතුරට නිසි ක්‍රමවේදය තුළ පත්කොට නැති බව හා සෙසු නීති විරෝධී කටයුතු රැසකට ඔහු සම්බන්ධ බවට කාදිනල් හිමි හා සජබ ඇතුළු පාර්ශව රැසක් මෙම පෙත්සම් ඉදිරිපත් ව තිබුණා – හෙක්ටර් අප්පුහාමි.

🍎ආණ්ඩුවේ සමරිසි පනතට එරෙහිව ත්‍රෛයිනික මහනාහිමිවරු ගෙන් සැර ලිපියක්.

🍎අධිකරණය විධායකය ව්‍යවස්ථාදායකය අතර ජනපතිවරණය පොලිස්පති හා තව වැදගත්ම කරුණු ගැන මෙතරම් අර්බුද තියෙද්දි ජවිපෙ නායකය ජපානෙ. එහේ ඡන්ද ඉල්ලනවද… ඩොලර් එකතු කරන්න ගියාද දන්නෙ නෑ – අජිත් පී.

🍎ආණ්ඩුවේ සල්ලි වලින් පිටරට ගායකයෙ නළු නිළියො ගෙනත් සංදර්ශන දාල ජන මනස අවුල් කරල ඡන්ද දිනන්න හරීන් මනුෂ ගේ ගේමට එරෙහිව අල්ලස් එකට පැමිණිලි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගරාධිපති තේරීමට රහස් ඡන්දයක්. දීර්ඝ වාදයකින් පසු සභාව ඒකමතික තීරණයකට

කොළඹ නගරාධිපති ධුරය තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට සභාව...

සජිත්ලා,නාමල්ලා කොළඹ බලය අල්ලන්න කතා කරන එකම කොළඹ ජනතාවට කරන අසාධාරණයක්!

කොළඹ LNW:කොළඹ ජනතාව දී තිබෙන ජන වරම අනුව විපක්ෂය...

කොළඹ නගර සභාව : සර්වජන බලයේ සහායත් විපක්ෂයේ අපේක්ෂකයාට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද (16)...