ලබන මාසයේ මැදින් පසු තෙල් සැපයුම අවිනිශ්චිතයි – මහබැංකු අධිපති

Date:

ලබන මාසයේ මැද භාගය වනතෙක් දැනට මුදල් ගෙවා ඇති ඉන්ධන නෞකාවලින් සැපයෙන ඉන්ධන පිරිමසා ගැනීමට හැකිවනු ඇති නමුත් ඉන් ඉදිරියට ඉන්ධන මිලදී ගැනීම තවමත් අවිනිශ්චිත බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

“තෙල් සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම බැලුවොත් මාසෙකට වාහනවලට විතරක් ( විදුලියට නැතුව ) ඩොලර් මිලියන 350 – 400ක් වත් අවශ්‍ය වෙනවා. විදුලියටත් සමග 550ක් වගේ තමයි අවශ්‍ය වෙන්නෙ. එතකොට ඒ සඳහා ඩොලර් මිලියන 500ක් හොයාගන්න ( අපේ සංචිත තියෙන්නෙ ඉතාම අඩු මට්ටමක නිසා ) තියෙන එකම ක්‍රමය තමයි ඉන්දියාව හරි චීනය හරි කවුරුහරි දෙන්න ඕනෙ, එහෙම දුන්නොත් මේක ඉතා පහසුවෙන් විසඳන්න පුළුවන්. ඒ වුණත් දැන් ඒ තත්වය අවිනිශ්චිතයි අපට එහෙම ලැබෙනවාද නැද්ද කියන එක. අපි ඉල්ලීමක් කරලා තියෙනවා, තවම ලැබෙනවාද කියලා ස්ථාවරත්වයක් නෑ. එතකොට එහෙම වුණාම නරකම තත්වය අපි හිතමු අපට මොකුත් හම්බවුණේ නෑ කියලා, එහෙම හම්බුණේ නැත්නම් අපට තියෙන සංචිත අපි පාවිච්චි කරලා ඉවරයි, ලබන මාසෙ මැද විතර වෙනකල් මේ දීපු සල්ලිවලින් තෙල් ටික එයි. එතකොට එතනින් එහාට කොහොමද ලබන මාසෙට තෙල් හොයාගන්නෙ කියන එක අවිනිශ්චිතයි”

ප්‍රශ්නය – අද මේ පවතින තත්වය අනුව කවදා වෙනකල් ගැටලුවක් නැතුව තෙල් නැව්වලට ගෙවීම් කරලා තියෙනවාද ?

“ඩීසල් නැව් තුනකටයි, පෙට්‍රල් නැව් දෙකකටයි අපි සල්ලි ගෙවලා තියෙන්නෙ. මුදල් ගෙවලා ඉවරවෙලා, දැන් එන්න නියමිතයි. ඒවා තමයි ඔය මේ දවස්වල එන්නෙ”

“පහුගිය දවස්වල තෙල් නැතුවම තිබ්බානෙ. දැන් ඔය ඩීසල්, පෙට්‍රල් එන්නෙ, එන්න පටන් අරන් තියෙන්නෙ. ඒ ප්‍රමාණයට අපි මුදල් ගෙවලා තියෙනවා. එතකොට ඒ ටික ප්‍රමාණවත් වෙයි – සම්පූර්ණයෙන්ම නෙවෙයි – හිඟ ඇතුව ලබන මාසෙ මුල කොටස වගේ වෙනකල් මේ තත්වය තියෙයි”

මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ සංවාදමය වැඩසටහනකට සහභාගී වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...