ඩිජිටල් විප්ලවය වරප්‍රසාදලත් පන්තියකට පමණක් සීමා විය යුතු නෑ. ICT අනිවාර්ය විෂයයක් කර ඉංග්‍රීසියෙන් ඉගැන්විය යුතුයි – සජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඩිජිටල් පරිවර්තන යුගයක් ගැන පාලකයින් කතා කළත් ඒ සම්බන්ධයෙන් ලබා දිය යුතු ප්‍රමුඛතාව ලබා දී නොමැති බවත් මේ වන විට තොරතුරු තාක්ෂණය ඉගැන්වීම සිදු කරන්නේ 6-13 විෂයක් ලෙස වුවත් එය 1-13 විෂයක් විය යුතු බවත් එසේම එය අනිවාර්යයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සිදුකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එවැනි වෙනසකට ගියහොත් අප රට සියලු දෙනාම සම්බන්ධ කර ගත් ඩිජිටල් විප්ලවයක් කරා යා හැකි නමුත් එසේ නොවුවහොත් මෙරට ඩිජිටල් විප්ලවය වරප්‍රසාදලත් පන්තියකට පමණක් සීමාවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 375 වැනි අදියර යටතේ කොළඹ, රත්මලාන, තෙලවල ශ්‍රී රාහුල මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් ද ඒ මහතා පරිත්‍යාග කළේය.

ගමේ දරුවා මෙන්ම නගරයේ දරුවාත් පොහොසත් දරුවා මෙන්ම දුප්පත් දරුවන්ද මේ ඩිජිටල් විප්ලවයේ කොටස්කරුවන්, පෙරගමන්කරුවන් හා ප්‍රතිලාභීන් විය යුතු බවත් අධ්‍යාපනයේ දැවැන්ත පරිවර්තනාත්මක යුගයකට මුල පිරිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

දියුණු ලෝකයේ රටවල විෂය නිර්දේශය නිර්මාණය වෙන්නේ ශ්‍රම වෙළෙඳපොළ ඉලක්ක කර ගෙන නිසා අප රටේ ද අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසකට මුල පිරිය යුතු බවත් සම්පත් හිගතාවක් ඇති පාසල් පද්ධතිය සවිබල ගන්වා දූදරුවන්ගේ වර්තමානයත් අනාගතයත් රැකබලා ගත යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 63කට රුපියල් ලක්ෂ 1906ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ පරිත්‍යාග කර ඇත. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 375ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4180ක් වැය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : චෝදනා කරන වෛද්‍ය චමල් සහ චූදිත බෙනරගම හමුවුණු මොහොතක් ?

රජයේ රෝහල්වලට ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීම සම්බන්ධයෙන් මේ දිනවල...

දිට්වා බිමහෙළු නිවාස වෙනුවෙන් තට්ටු නිවාස ව්‍යාපෘතියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස...

බැඩිමින්ටන් දක්ෂයන්ට වැඩි වෙහෙසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ දිනවල ගල්කිස්ස ශාන්ත...

බාල ඖෂධවල වගකීමෙන් සෞඛ්‍ය ඇමතිට විනිර්මුක්ත වෙන්න බෑ – වෛද්‍ය චමල් ලේඛන සහිතවම පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල බාල ඖෂධ සිද්ධියකදී දේශපාලනඥයින්ට එහි වගකීමක්...