*
Monday, November 18, 2024
spot_img

Latest Posts

පණ රකින සුවසැරියට වසර 07 යි. කුමන අභියෝග පැමිණියත් මෙම සේවාව රැකගත යුතුයි!

මෙරට සාමාන්‍ය ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කැපවූ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව අද (28) සිය 07 වන උපන් දිනය සමරන බවත් කුමන අභියෝග පැමිණියත් මෙම සේවාව පවත්වාගෙන යාම සඳහා සිය උපරිම සහයෝගය ඉදිරියේදීත් ලබාදෙන බවත් 1990 සුවසැරිය ගිලන්රථ සේවයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ සුවසැරිය පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් මුදල් මහා භාණ්ඩාගාරයෙන් පසුගිය කාලයේදී ලබාගැනීමට අපහසු වූ විට පුද්ගලික අංශයේ මුදල් ආධාර මත වියදම් වලින් කොටසක් පියවාගත් බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

”මෙම සේවාව දැන් මේ රටේ ජනතාවගේ ගැලවුම්කරුවා බවට පත්වී තිබෙනවා. කුමන අභියෝග පැමිණියත් මේ සේවාව පවත්වාගෙන යා යුතුයි. එදා මෙම සේවාව ආරම්භ කිරීමට සහයෝගය දැක්වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියළුම දෙනාටත් මෙම සේවාව පවත්වාගෙන යාම සඳහා දිවා රෑ කැපවන සුවසැරිය පදනමේ සභාපතිතුමා ඇතුළු සියළුම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ටත් 1500 කට ආසන්න කාර්ය මණ්ඩලයටත් මාගේ හෘදයාංගම ආචාරය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම, මෙම සේවාව ආරම්භ කිරීමට මූල්‍යමය ප්‍රදානයක් සහ තාක්ෂණික සහයෝගය ලබාදෙමින් කටයුතු කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ ඉන්දීය රජයටත් මා ස්තුතිවන්ත වෙනවා.” යනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

එසේම, ඔහු සඳහන් කළේ මෙම සේවාව ආරම්භ කළදා පටන් පැවති සියළුම රජයන් මෙම සේවාව පවත්වාගෙන යාම සඳහා උපරිම දායකත්වය ලබාදුන් බවයි. 2016 ජූලි 28 වනදා ආරම්භ කළ 1990 සුවසැරිය මගින් මේ වනවිට රෝගීන් පහලොස් ලක්ෂ අසූ එක් දහසක් පමණ රෝහල්ගත කර තිබෙන අතර රෝගියෙකු වෙත පැමිණෙන කාල සීමාව කොළඹදී මිනිත්තු 8:45 ක් සහ කොළඹින් පිටතදී මිනිත්තු 14:29 ක් වේ. සුවසැරිය සැලකෙන්නේ මෙරට පවතින ඉතාමත්ම කාර්යක්ෂම රාජ්‍ය සේවාව ලෙසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan