ලොරියක් පෙරළී අනතුරක්!

0
320

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ (LNW):

නෝටන්බ්‍රිජ් සිට කිරිවන්එළිය දක්වා ධාවනය වු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන අතර, ලොරි රථය වෙනත් වාහනයකට ඉඩ ලබාදීමට යාමේදීයි අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් රියදුරු සහ රිය සහායකයා තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර, ලොරි රථයට දැඩි හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.