*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

කොවිඩ් නිසා චීනයේ වූහාන් නැවතත් වැසේ.

මිලියන 12 ක ජනගහනයක් සිටින නගරයක් වන වුහාන් හි නිතිපතා කරන ලද පරීක්ෂණ මගින් දින දෙකකට පෙර රෝග ලක්ෂණ නොමැති කොවිඩ් ආසාධිත රෝගීන් දෙදෙනකු වාර්තා වී ඇත. ඔවුන්ගේ සමීප සබඳතා ලුහුබැඳීම හරහා තවත් රෝගීන් දෙදෙනකු සොයා ගැනීමත් සමඟ නගරය අගුලුදමා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

වුහාන්හි ජියැන්ග්ෂියා දිස්ත්‍රික්කයේ බලධාරීන් බදාදා නිවේදනය කළේ එහි ප්‍රධාන නාගරික ප්‍රදේශ දින තුනක “තාවකාලික පාලන පියවර” ක්‍රියාත්මක කරන බවයි. ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තිය යටතේ චීනය ක්‍රියාත්මක වන බැවින් විටින් විට චීනය පුරා බලධාරීන් විසින් හදිසි අගුලු දැමීම, මහා පරිමාණ පරීක්ෂණ සහ දැඩි නිරෝධායනය යන දැඩි ක්‍රියාමාර්ග භාවිතා කරමින් ඇත.

මේ වන විට අධි අවධානම් කලාප දෙකක් හා අඩු අවධානම් කළාප දෙකක් හඳුනාගෙන ඇති අතර විනෝදාස්වාද ස්ථාන, තැබෑරුම් , සිනමා ශාලා සහ සායන, කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳපොළවල් වසා දමා ඇත එමෙන්ම ආපනශාලා භෝජන සංග්‍රහ සහ විශාල රැස්වීම්, ප්‍රසංගවල සිට සම්මන්ත්‍රණ දක්වා සියල්ල අත්හිටුවා ඇත. සියලුම ආගමික ස්ථාන වසා දමා ආගමික කටයුතු තහනම් කරන තිබේ. රජයේ විසින් නිවේදනය කර තිබුණේ උපකාරක ආයතන සහ සංචාරක ආකර්ෂණීය ස්ථාන මෙහෙයුම් නවතා දමා ඇති බවයි. බස් රථවල සිට උමං මාර්ග සේවා දක්වා සියලුම පොදු ප්‍රවාහන සේවා අත්හිටුවා ඇති අතරම, දිස්ත්‍රික්කයෙන් පිටව නොයන ලෙස ද ප්‍රදේශවාසීන් වෙත දැනුම් දී ඇත.

2020 මුල් භාගයේදී ලොව ප්‍රථම කොවිඩ් අගුලු දැමීම මඟින් චීනය සාර්ථකව වෛරසය පාලනය ලදි. මෙහිදී දැඩි අගුලු දැමීම මඟින් ව්‍යාපාර වසා දැමූ අතර නිවැසියන් මාස දෙකකට වැඩි කාලයක් ඔවුන්ගේ නිවෙස්වලට සීමා විය. මෙම කාලය තුළ නිවැසියන්ට විශාල පුද්ගලික පිරිවැයක් දැරීමට සිදු වූ නමුත් අවසානයේ වෛරසය හීලෑ කිරීමට ඔවුන් සමත් විය.

සශිකලා මධුෂාණී_

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan