රුහුණේ සභාපති අද අධිකරණය හමුවට!

පොලිස් අත්අඩංගුවේ පසුවන රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති වේරංග පුෂ්පික අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වෘත්තීය අමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් ඊයේ දින කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති විරෝධතාව අවසන් කර යමින් සිටියදී ඔහුව කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ඇති බවට වාර්තා වූ අතර ඔහුව එලෙස සිය භාරයට ගෙන තිබුණේ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් බවට පසුව අනාවරණය විය.

මහජන අරගලයේ සක්‍රීය සාමාජිකයෙක්ව සිටි වේරංග පුෂ්පික වෙත එල්ල වී තිබෙන චෝදනා ලෙස දැක්වෙන්නේ මැයි 19,ජුනි 09 සහ ජුනි 10 යන දිනයන්හිදී කොළඹ කොටුව, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණ පැවැත්වීම,අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම,පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම,රජයේ දේපලවලට හානි කිරීම යන ඒවාය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...