*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ජනාධිපති එක්ක සාකච්ජා කළා කියල ආණ්ඩුවට පන්දම් අල්ලන වුවමනාවක් අපිට නැහැ! (VIDEO)

ආණ්ඩුව මුලින් ප්‍රකාශ කළ පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් ඊයේ දිනයේදී හදිසි නීතිය සඳහා සහය නොදීමට ශ්‍රීලනිපය තීරණය කළ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සම්බන්ධයෙන් තවමත් සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

අද දිනයේදී වුවද ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කරන්නේ විශේෂයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් වන අතර ශ්‍රීලනිපයේ යෝජනා ඉදිරිපත් කර ජනාධිපතිවරයාගේ ප්‍රතිචාර අනුව ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමකින් තොරව පවතින අසීරූතාවයන්ගෙන් ගොඩ ආ නොහැකි බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් ආණ්ඩුවට පන්දම් ඇල්ලීමේ කිසිදු වුවමනාවක් නැති බවද හෙතෙම සඳහන් කරන ලදී.

මේ අතර පක්ෂයේ අනුමැතියකින් තොරව ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් කිසිදු පසුතැවීමක් නැති බවත් හෙතෙම අවධාරණය කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan