බර්මින්ග්හැම් හී පැවත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා පිහිණුම් ක්‍රීඩක අකලංක පීරිස් මීටර් 50 පිරිමි සමනල ආර තරගය තත්පර 22.89 න් නිම කර නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වුව ද,ඔහුට එම ඉසව්වේ අවසාන තරගය අහිමි විය.
මීටර් 50 සමනල ආර පිරිමි තරගයේ සිව්වන මූලික තරගයට සහභාගි වූ අකලංක,බහමාස් රාජ්‍යයේ ලමර් ටේලර් (තත්පර 24.21) ට පමණක් දෙවැනි වෙමින් ඉසව්ව නිම කළේය.ලමර් ද සමස්ථ ප්‍රතිඵල සටහනේ 18 වන තැන සිටිය අතර ඔහුට ද අවසාන පූර්ව වටයට සහභාගි වන හොඳම කාලයන් 16 අතරට ඒමට නොහැකි විය.නමුත් 16 දෙනා අතරින් දෙදෙනෙක් සහභාගි නොවන විටක ලමර්ට අවස්ථාවක් ලැබෙන්නට ඉඩ ඇත.අකලංකට සමස්ත ප්‍රතිඵලය අනුව හිමිව තිබුණේ 22 වන තැනය.