කොළඹ LNW:බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු බරණැසට වැඩම කොට පස්වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ සාරානාත් පුදබිමේ ධම්මික ස්තූපය (Dhamek Stupa) ලෝක උරුමයක් ලෙස නම් කිරීම පිළිබඳව යුනෙස්කෝ සංවිධානයට සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්රමුඛ ඉන්දීය රජයට ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ පුණ්‍යානුමෝදනා පූර්ව කෘතඥතාවය පළ කරන බව ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්‍රධාන සංඝනායක සාංචි චේතියගිරි විහාරාධිපති අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 1931 සාරනාත් පුදබිමේ මූලගන්ධිකුටි විහාරය ඉදිකොට සියවස් ගණනාවක් සැඟවී තිබූ මෙම පුදබිමයි යළි ලෝක බෞද්ධ ජනතාවට උරුමකර දුන්නේය.
ශ්‍රීමත් ධර්මපාලතුමන් පැවිදි දිවියට ඇතුළත්ව උපසම්පදාව ලැබුවේ ද අවසානයේ අපවත් වූයේ ද සරනාත් පුදබිමේය.
” යටපත් දී තිබූ ධම්මික ස්තූපය හෙවත් ධමෙක් ස්ථූපය 1835-36 කාලයේදී මතු කර ගනු ලැබූයේ ශ්‍රීමත් අලෙක්සැන්ඩර් කණින් හැම් මහතාය.පැවිදිවීම සඳහා දඹදිවට ගිය මා බරණැස මහාබෝධි විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබුවේ ද සාරනාත් පුදබිමේ සිටය.එකල එහි පුරාවිද්‍යා කැණීම් කළ මනි නැමති මා හිතවත් පුරාවිද්‍යා නිලධාරියෙකි.ඔහු කැණීම් කරන ආකාරය මම හැමදාම බලාගෙන හිටියා.පසු කලක පුරාවිද්‍යා උපාධිය කිරීමට මට ආසාව ඇති වූයේ ඔහු එම කැණීම් කටයුතු කරන අයුරු දැකීමෙන්” බව බානගල උපතිස්ස නා හිමියෝ පවසති.
ශ්‍රීමත් ධර්මපාලතුමන් හෙවත් සිරි දේවමිත්ත ධම්මපාල හිමියන් ඉන්දියාවේ බුදු දහම නගා සිටුවීමට සහ දඹදිව පූජනීය බෞද්ධ පුදබිම් ආරක්ෂා කිරීමට ගෙනගිය දැවැන්ත මෙහෙවරේ අවසාන සහ වඩාත්ම අධ්‍යාත්මික අවධිය උන් වහන්සේ ගත කළේ සාරනාත් පුද බිමේය.එම නිසා සාරනාත් පුදබිම ලෝක උරුමයක් ලෙස නම් කිරීමට කැප වී කටයුතු කළ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන් ප්රමුඛ රජයට සහ යුනෙස්කෝ මහලේකම් Khaled El-Enany මහතාට ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සහ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පුණ්‍යානුමෝදනා පූර්වක කෘතඥතාවය පුද කරන බව බානගල උපතිස්ස නා හිමියෝ පැවසූහ.



