පොලී අනුපාත අඩුකිරීමේ සහනය බැංකු හරහා ජනතාවට ලැබුණේද යන්න සොයාබලනවා – සියඹලාපිටිය

දැනට සිදුකර ඇති ආනයන සීමා ලිහිල් කිරීම හෝ පොලී අනුපාතික අඩුකිරීම රුපියලේ අගය අවප්‍රමාණය වීමට බල නොපාන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

කෙසේවෙතත් මහබැංකුව විසින් අඩු කළ පොලී අනුපාතය බැංකු විසින් ජනතාවට ඒ ආකාරයෙන් ලබාදුන්නේද යන්න පිළිබඳව සොයාබැලීමක් මේ දිනවල සිදුකරමින් පවතින බවයි ඒ මහතා සඳහන් කළේ.

“මේ පොලී අනුපාත අඩු කරන්නය කියන එක සංකෝචනය වූ ආර්ථිකය ප්‍රසාරණය කිරීමට අවශ්‍ය ඉතාම සුවිශේෂී කාරණාවක්. සුළු පරිමාණ ව්‍යාපාරිකයින්, මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් හැම කෙනාම ඉල්ලන්නේ මේක. ඒ නිසා පොලී අනුපාතික අඩු කළා. අපට ප්‍රශ්නය තියෙන්නේ දැනටත් ඒ අඩු කරපු පොලී අනුපාතය ක්ෂේත්‍රයට හරියට ගියාද කියන එක ගැන තමයි මහබැංකුව මේ දවස්වල සොයාබලන්නේ”

රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ ඊයේ (28) දිනයේදී දෙහිඕවිට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...