තරින්දගෙන් ඕල් බ්ලැක්ස්ලාට එරෙහිව ට්‍රයි එකක්

Date:

පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ සත් සාමාජික රගර් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් සිය පළමු තරගයෙන් පරාජයට පත් වුණ ද,ලොව ඉහළම රග්බි ජාතිය හැටියට හඳුන්වන නවසීලන්තය හමුවේ පැවති පිරිම තරගයේදී තරින්ද රත්වත්ත නවසීලන්තයට එරෙහිව උත්සාහක දිණුමක් වාර්තා කිරීම කැපී පෙණින.ගෙවෙන මොහොතේ නවසීලන්තය ලෝක රග්බ් ශ්‍රේණිගත කිරීම්වල සිව්වන තැන සිටින අතර ශ්‍රී ලංකාව සිටින්නේ 47 වන තැන ය.එසේම සත් සාමාජික රග්බි පිරිමි කාණ්ඩයේ නවසීලන්තය පසුවන්නේ නව වන තැනය.
තරගයේ ප්‍රථම භාගව ගෙවෙන විට ශ්‍රී ලංකාව ලකුණු 28 – 5 ක් ලෙස ලකුණු සටහන පවත්වා ගනිමින් රග්බි ලොව දැවන්තයාට හොඳින් මුහුණ දෙමින් සිටියේය.නමුත් තරින්දගේ උත්සාහක දිණුමෙන් ඉනික්බිති දෙවන භාගයේ කිසිඳු අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලබා නොදුන් නවසීලන්තය මුල් භාගයේ එකතු කළ ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු 35 ක් එක් කර ගනිමින් ලකුණු 63 – 5 ක් ලෙස තරගය ජය ගැනීමට සමත් විය.ඔවුන්ගේ ලකුණු 63 උත්සාහක දිණුම් නවයකට එක් වූ ප්‍රවර්ථන නවයකින් සැරසී තිබිණ.

කාන්තා අංශයේදි ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හමු වූයේ කාන්තා සත් සාමාජික රග්බි ශ්‍රේණිගත කිරීම්වල නවවන තැන සිටින සත්කාරක එංගලන්තය ය.එහිදී එංගලන්ත ක්‍රීඩිකාවෝ ලකුණු 57 ක් රැස් කළහ.ඒ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එකඳු ලකුණක් හෝ ලබා ගන්නට ඉඩ නොදෙමින්ය.මේ වන විට එංගලන්ත ක්‍රීඩිකාවෝ ලොව අංක එකේ රග්බි කණ්ඩායම ලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටිති.ශ්‍රී ලංකා රගර් කාන්තා කණ්ඩායමට වත්මන් පාලනය වෙනස් අන්දමේ පුහුණුකාරීත්වයන් පහසුකම් ලබා දුන්න ද කාලයක සිටම දෙවන මට්ටමේ පහසුකම් ලැබුණු රටක් නිසා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ස්ථානයක් හෝ ශ්‍රී ලංකාවට නැත.

එම ලකුණු 57 ට උත්සාහක දිණුම් නවයක් වාර්තා වී තිබූ අතර එංගලන්ත ක්‍රීඩිකාවෝ එහි ප්‍රවර්ථන හයක්ම සාර්ථක කර ගත්හ.
අද එංගලන්ත වේලාවෙන් පස්වරු 6.14 ට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව නවසීලන්ත කණ්ඩායමත්,පස්වරු 7.42 ට පිරිමි ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එංගලන්ත කණ්ඩායමත් හමුවීමට නියමිතය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...

අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ නව අභියාචනාධිකරණ සභාපති දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ජනාධිපති කාර්යාලයේදී...