ලබන සැප්තැම්බර් මාසයේදී අති දැවැන්ත ගොවි සමුළුවක් අනුරාධපුරයේදී පැවැත්වීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ.
මේ සඳහා ගොවීන් ලක්ෂයක් සහභාගී කරගැනීමට කටයුතු කරන බව සඳහන්.
මෙම සමුළුව පැවැත්වීමට ප්රධානතම හේතුව වන්නේ කෘෂිකාර්මික ප්රදේශවල ජනතාවගෙන් සහ ගොවි නායකයින්ගෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා වෙත ලැබුණු ඉල්ලීම් බවයි ශ්රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ.
මීටපෙර සිටි ගොවි නායකයින් මේ වන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් වී සිටින නිසාත් ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් විපක්ෂයෙන් ප්රමාණවත් සහයෝගයක් නොලැබෙන නිසාත් ගොවි සටන මහපාරට ගෙන ආ යුතුය යන්න ඔවුන්ගේ අදහස වී ඇත.
ඒ අනුව මෙම ගොවි සමුළුව අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කරමින් පවතින බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.


