හෝර්මුස් සමුද්‍ර සන්ධියේ අවදානම මැද ජපානය කැනේඩියානු බොරතෙල් වෙත හැරෙයි

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
අමෙරිකාව හා ඉරානය අතර පවතින යුද්ධය හේතුවෙන් හෝර්මුස් (Hormuz) සමුද්‍ර සන්ධිය හරහා බොරතෙල් සැපයුම පිළිබඳ අවිනිශ්චිතතාව වැඩි වී තිබේ. ඒ හේතුවෙන් ජපානය ඇතුළු ආසියානු රටවල් කැනඩාව වැනි විකල්ප සැපයුම්කරුවන් වෙත වැඩි අවධානයක් යොමු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, කැනඩාවේ Trans Mountain Expansion (TMX) නල පද්ධතිය හරහා අපනයනය කරන බොරතෙල් මිලදී ගැනීමට ජපානයේ විශාලතම තෙල් පිරිපහදු සමාගම වන Eneos මේවන විටත් පියවර ගෙන තිබේ.

එමෙන්ම ඉන්දියාව, මැලේසියාව සහ සිංගප්පූරුව ද TMX මාර්ගයෙන් අපනයනය කරන කැනේඩියානු බොරතෙල් මිලදී ගැනීම නැවත ආරම්භ කර ඇති බව සඳහන් වන අතර විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මැද පෙරදිග බොරතෙල් මත ඇති යැපීම අඩු කර ගැනීම සහ සැපයුම් බාධා වීමේ අවදානම අවම කිරීම සඳහා ආසියානු රටවල් කැනඩාව වැනි නව සැපයුම්කරුවන් වෙත යොමුවෙමින් සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...