EPF, ETF ඇතුලු වැඩ කරන ජනතාවගේ අරමුදල් මංකොල්ලය වහා නවතනු! ලෙසට අදත් ජනතා හඬ කොළඹ කළඹවයි!

0
191

EPF, ETF ඇතුලු වැඩ කරන ජනතාවගේ අරමුදල් මංකොල්ලය වහා නවතනු !

යන සටන් පාඨය ඇතුලු සටන් පාඨ කිහිපයක් මුල් කරගනිමින් ඒවාට වහා විසදුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද(31)දින සවස කොළඹ කොටුව දුම්රිය ස්තානය ඉදිරිපිටදී පැවැත්විනි.

මෙම විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය ජාතික ජන බලවේගය මෙහෙයවීමෙන් පැවැත්විනි.

පැයක පමණ කාලයක් පිරිස විරෝධතාවයේ යෙදුණු අතර පසුව එම ස්තානයේම විරෝධතා රැලියක්ද පැවැත්විනි.

එම රැලියේදී ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක ඇතුලු කථිකයින් කිහිප දෙනෙකු අදහස් දැක්වූ අතර එම අවස්තාවට ජාතික ජන බලවේගයේ සාමාජික සාමාජිකාවන් ඇතුලු විශාල පිරිසක් සහබාගි වී සිටියහ.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/589/NPP-stages-protest-demanding-end-to-robbing-working-people-of-their-EPF-ETF