ජාතික ජන බලවේගයේ නායක ඇතුළු පිරිසකට එරෙහිව  අධිකරණය නියෝගයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කොටුව පොලීසිය විසින් සිදුකළ කරුණු දැක්වීමකට අනුව, කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු එම පක්ෂයේ පිරිසකට එරෙහිව අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

එම නියෝගයට අනුව අද දහවල් 12.00 සිට පස්වරු 06.00දක්වා කාලය තුළ පහත සඳහන් ස්ථාන ආශ්‍රිතව උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය,
ජනාධිපති මන්දිරය,
මුදල් අමාත්‍යාංශය,
මහ බැංකුව,
පොලිස් මූලස්ථානය,
කොටුව දුම්රිය ස්ථානයේ සිට CTO මංසන්ධිය දක්වා වන ඕල්කට් මාවත,
CTO මංසන්ධියේ සිට සෙරමික් මංසන්ධිය NSA වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ගය,
යෝර්ක් වීදිය,
බැංකු මාවත,
චැතැම් මාවත,
මුදලිගේ මාවත,
බාරොන් ජයතිලක මාවත,
පොලිස් මූලස්ථානය ඉදිරිපිට,
බාලදක්ෂ මාවත
චෛත්‍ය පාර,
ජනාධිපති මාවත,
ගාලුමුවදොර වටරවුමේ සිට NSA වටරවුම දක්වා ගාලු පාර ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙතද ගාලු මුවදොර පිටිය පරිශ්‍රයන්,

යන ඒවා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොදෙව් දේශය බලා යන ලලනා ක්‍රිකට් කණ්ඩායමට අලුත් මුහුණු…?

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...

ට්‍රම්ප් දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25%කින් ඉහල නංවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බලහත්කාරයෙන් අතුරුදහන් කළ වූවන්ට යුක්තිය පතා අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩට...