‘ඇය කළුද ඉන්දියානුද?’: ට්‍රම්ප්ට හැරිස්ගේ වාර්ගික අනන්‍යතාවය ප්‍රශ්නයක් ?

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : කළු මාධ්‍යවේදීන්ගේ ජාතික සංගමයේ සම්මේලනයේ දී ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් කමලා හැරිස්ගේ වාර්ගික අනන්‍යතාවය ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

උප ජනාධිපති සහ අනුමාන ඩිමොක්‍රටික් අපේක්ෂකයා ගේ වාර්ගික අනන්‍යතාවය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, “ඉතින් මම දන්නේ නැහැ – ඇය ඉන්දියානුවෙක්ද? නැත්නම් ඇය කළුද?” යනුවෙනි.

මෙහිදී විචාරකයන් සඳහන් කර තිබුණේ, රිපබ්ලිකන් අපේක්ෂකයාට සහ හිටපු ජනාධිපතිවරයාට ජාතිය පදනම් කරගෙන තම විරුද්ධවාදීන්ට පහර දීමේ ඉතිහාසයක් ඇති බවත්, රටේ ප්‍රථම කළු ජාතික ජනාධිපති බැරක් ඔබාමා එක්සත් ජනපදයේ ඉපදී නැති බවට ඔහු බොරු චෝදනා කළ බවත්ය.

මෙහිදී හැරිස්ගේ අධ්‍යාපන සුදුසුකම්ද ට්‍රම්ප් සමච්චලයට ලක්කර තිබු අතර එහිදී ඔහු සඳහන් කර තිබුණේ, නීති වෘත්තියේ මුල් කඩඉම් විභාගයෙන් ඇය අසමත් වූ බවයි. කමලා හැරිස් 1989 දී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ හේස්ටින්ග්ස් නීති විද්‍යාලයෙන් උපාධිය ලබා ගත් අතර නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත මේ සම්බන්ධයෙන් වාර්තා කළේ ඇයගේ පළමු උත්සාහය අසාර්ථක වූ අතර දෙවැන්නෙන් සමත් වූ බවයි.

සිය ජන්ද තර කර ගැනීම වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලෙස වාර්ගික අනන්‍යතාවයන් භාවිතයට ගැනීම ධවල මන්දිරය ප්‍රමුක සමාජ ක්‍රියාකාරීන් දැඩි ලෙස පිළිකුල් කර ඇති අතර කමලා හැරිස් යනු ඉන්දියානු සහ ජැමෙයිකානු උපත ලද දෙමාපියන් සමඟ පළමු කළු සහ ආසියානු-ඇමරිකානු උප සභාපතිනියයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...