කේරළයට ඇති වූ නායයෑම් විපත්තිය; 166කට වැඩි පිරිසක් මියගොසින්!

සටහන – පුන්සරා ලියනගේ

ජූලි 31,(ලෝකය) අවුට්බවුන්ඩ් ටුඩේ: දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ දැවැන්ත නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව මේ වන විට 166 ඉක්මවා ඇති අතර, 192 කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බව බලධාරීහු පවසති.

කඩා වැටුණු වහලවල් යට සහ විනාශ වූ නිවාසවල සුන්බුන් යටතේ දිවි ගලවා ගත හැකි අය සිටිනවා ඇතිදැයි සොයමින් සිටින බව ගලවා ගැනීමේ නිළධාරීන් පවසා සිටී.

ඉකුත් අඟහරුවාදා අලුයම ප්‍රදේශය හරහා ගලා ගිය මඩ සහ ජල ධාරා, නිවාස සමතලා කර ගස් උදුරා දමා විපත්ති රාශියක් ඇති කර තිබේ.

ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් පවතින අතර, මුදා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...