මලල ක්‍රීඩාවේ පැරිස් මෙහෙයුම තරුශිගෙන් ඇරඹෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 01, (LNW) කොළඹ :


ශ්‍රී ලංකාවට මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ ඉතිරිව ඇති බලාපොරොත්තුව මලල ක්‍රීඩා පමණි.මේ වන විට බැඩිමින්ටන් සහ පිහිණුම් ක්‍රීඩාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය සහභාගීත්වය අවසන් කර ඇත.මලල ක්‍රීඩා ඉසව් ආරම්භ කරමින් පළමු සහභාගීත්වය සිඳුවන්නේ ශ්‍රී ලංකාව වැඩියෙන්ම බලාපොරොත්තු තබා සිටින තරුශි කරුණාරත්නගෙනි.ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී තරුශි,මේ ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩිකාවන් අතර 48 වන තැන සිටින්නීය.


මීටර් 600 කාන්තා ඉසව්වේ ආසියානු වාර්තාවට හිමිකම් කියන්නිය වන තරුශි,සහභාගි වන්නේ අගෝස්තු 2 වන දා පැවත්වෙන මීටර් 800 කාන්තා ඉසව්වේ හයවන මූලික තරගයටය.එම ඉසව්වට සහභාගිවන ක්‍රීඩිකාවන් අතර වාර්තා කර ඇති හොඳම කාලයන් සසඳද්දී තරුශි සිටින්නේ සියල්ලට පසුපසින් වීම මෙවර ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රි ලංකා ක්‍රීඩකයින් අතරෙන් ලාබාලතම සහ අනාගතයට වටිනාම ක්‍රීඩිකාව වන තරුශිට අනාගතයට වටිනාකමක් එකතු කර ගන්නට හොඳ අවස්ථාවක් වනු ඇත.විනාඩි 2:00.66 ක ඉහළම දක්ෂතාවය දක්වා ඇති තරුශි මේ මූලික තරගයේ ඇතිවන තරගකාරීත්වය සමඟ බොහෝ විට සිය පෞද්ගලික හොඳම කාලයට පිවිසෙන්නට ඉඩ ඇත.


ඉහළම තරගකාරීත්වයක් ඇති මූලික තරගයක තරග වදින්නට තරුශිට අවස්ථාව හිමි විම අතිශයින් වැදගත්ය.ජය පරාජය වැදගත් නැත.ඇය මේ මොහොතේ අනාගතයට වැදගත්ම ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ආයෝජනය ලෙස පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා නියෝජනය ය.ඇය මේ තරගයේ තබන හැම පියවරක්ම ශ්‍රී ලංකාවේ කාන්තා මලල ක්‍රීඩාවේ අනාගතයට ආශිර්වාදයක්ය.මීටර් 800 කාන්තා ඉසව්ව මේ වන විට ලෝකයේ පැරණිතම ලෝක වාර්තාවන් සහිත ඉසව්වක් වන අතර එහි ලෝක වාර්තාව හිමි ජමීලා ක්‍රැටොච්විලෝවා එම වාර්තාව වන විනාඩි 1:53.28 තබා ඇත්තේ 1983 ජූලි 26 වන දාය.

ඒ අනුව එම වාර්තාවේ වයස අවුරුදු 41 ක් පසු කර දින ගණනක් වන්නේය.එහි ඔලිමිපික් වාර්තාව ඊටත් වඩා පරණය.එම වාර්තාව හිමි වන්නේ 1980 දී රුසියාව,සෝවියට් දේශය ලෙස ඔලිම්පික් උළෙලට සහභාගි වන පිහිටුවා ඇති සෝවියට් දේශයේ ඔලිෂරෙන්කෝ නඩෙෂ්ඩා ට ය.ඇය මෙම ඉසව්ව නිමා කර ඇත්තේ විනාඩි 1:53.43 ට ය.රම වාර්තාවටත් වසර 44 ක් සහ දින ගණනකි.ඒ අනුව මීටර් 800 කාන්තා ඉසව්ව වෙනුවෙන් තරග කරන සෑම ක්‍රීඩිකාවක්ම උත්සාහ කරමින් සිටින්නේ දුශ්කර ඉලක්කයක් පසු කර යාමටය.තරුශි ද ඒ දුහ්කර උත්සාහය පසුපස වැටුණු විශිෂ්ඨයන්ගේ සමූහයට අවුරුදු 18 දී නම එකතු කර ගන්නට ලැබුණු සුපිරිතම ක්‍රීඩිකාවකි.මන්ද ජමීලා ට මීටර් 800 ලෝක වාර්තාව තබන විට වයස අවුරුදු 32 කි.ඔලිෂරෙන්කෝ ඔලිම්පික් වාර්තාව තබා ඇත්තේ ඇයට අවුරුදු 27 දී ය.


අරුණ දර්ශණ මීටර් 400 ඉසව්වට සහභාගි වන්නට නියමිතව ඇත්තේ අගෝස්තු 4 වන දා ය.නදීශා දිල්හානි ලේකම්ගේ හෙල්ල වීසි කිරීමට සහභාගි වන්නේ අගෝස්තු හත්වන දා ය.තරුශි සහභාගි වන මීටර් 800 තරගයට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාම ලේඛණය මේ සමග ඇති අතර තවමත් අරුණ සහ නදීශා සහභාගි වන ඉසව්වල මූලික තරගවල නාම ලේඛණය ප්‍රසිද්ධ කර නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09) දිනයේදී...

මේ වසර තුළ පොලිස් නිලධාරීන් 350 කගේ වැඩ තහනම් කර තිබෙනවා – ඇමති ආනන්ද

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා ගතවූ කාලය...

බැකෝ සමන් සහ තැඹිලි ලහිරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන...