මෛත්‍රීට අද ලැබුණු නියෝගය!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ (LNW):

අද (01) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය ඔක්තෝබර් මස 4 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා නියෝග කළේය.

මෙම නඩුව අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවයේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ ලිඛිත දේශන ගොනු කිරීම සඳහා දින ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

එම ඉල්ලීම පිළිගත් දිසා විනිසුරු වරයා නඩුවට අදාළ ලිඛිත දේශනා ඔක්තෝබර් මස 4 වනදා ගොනු කරන ලෙස නියෝග කළ අතර මේ වන විටත් නිකුත් කර තිබෙන වාරණ නියෝගය එදින දක්වා දීර්ඝ කරන බවත් නියෝග කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම ධුරයෙන් විශ්‍රාම යාමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට පක්ෂ ව්‍යවස්ථාවට අනුව හැකියාවක් නොමැති බවත් පැමිලිකාර හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සිය පැමිණිල්ලේ කියා සිටි. ඒ අනුව මෛත්‍රිපාල සිරිසේනට එම ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඒ මෛත්‍රීපාල සිරිසේනට අදාළ තනතුරේ කටයුතු කිරීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණි ලොකුගේගේ තැනට පිං පොං එයි !

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව සංවිධායකවරයා ලෙස විකට...

චීන-බ්‍රිතාන්‍ය සබඳතා අලුත් කළ දෙරට නායකයින්ගේ තීරණාත්මක හමුව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයක...

මියන්මාර සයිබර් අපරාධ මැඩලීමට චීනය දැඩි තීරණ ගනී: 11කට මරණ දඬුවමද ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ ක්‍රියාත්මක...