මෛත්‍රීට අද ලැබුණු නියෝගය!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ (LNW):

අද (01) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය ඔක්තෝබර් මස 4 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා නියෝග කළේය.

මෙම නඩුව අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවයේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ ලිඛිත දේශන ගොනු කිරීම සඳහා දින ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

එම ඉල්ලීම පිළිගත් දිසා විනිසුරු වරයා නඩුවට අදාළ ලිඛිත දේශනා ඔක්තෝබර් මස 4 වනදා ගොනු කරන ලෙස නියෝග කළ අතර මේ වන විටත් නිකුත් කර තිබෙන වාරණ නියෝගය එදින දක්වා දීර්ඝ කරන බවත් නියෝග කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම ධුරයෙන් විශ්‍රාම යාමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට පක්ෂ ව්‍යවස්ථාවට අනුව හැකියාවක් නොමැති බවත් පැමිලිකාර හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සිය පැමිණිල්ලේ කියා සිටි. ඒ අනුව මෛත්‍රිපාල සිරිසේනට එම ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඒ මෛත්‍රීපාල සිරිසේනට අදාළ තනතුරේ කටයුතු කිරීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...