ජීවන්ත පීරිස් පියතුමා ඉලක්කකරන රාජ්‍ය මර්දනයට එරෙහිව කතෝලික ප්‍රජාව අවධානයෙන්!

Date:

වත්මන් රජයට එරෙහිව දියත්වන ජන අරගලයේ කැපී පෙනෙන චරිතයක් වන ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙන බවත්, ඔවුනට එරෙහිව රාජ්‍ය මර්දනය සිදුවන බවත් පවසමින් මෙරට කතෝලික පූජක ප්‍රජාව නිවේදනයක් නිකුත් කර තිබේ.

සභා 23ක කතෝලික පූජක නියෝජිතයන් 1,640 දෙනෙකු අත්සන් කළ මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ ඊයේ (31) දිනයේ වන අතර, ඉන් පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමඟ විරෝධතා, විරෝධතාකරුවන් සහ ආණ්ඩු විරෝධී ව්‍යාපාර වලට සහාය දක්වන්නන් මර්දනය කිරීමේ ඉහළ යාමක් දක්නට ඇති බවයි.

රජයට එරෙහි අරගල කරන පුද්ගලයන්, ඔවුනට සම්බන්ධ අය සහ සහය දෙන පිරිස් මර්දනය කිරීම නවතා ජනතා ගැටළු සහ අපේක්ෂාවන්ට ඇහුම්කන් දී කෙටිකාලීන හා දීර්ඝ කාලීන ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙස කතෝලික පූජකවරුන්ගේ එකමුතුව රජයෙන් ඉල්ලා සිටී.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...