දේශීය කුකුළු මස් මිල අඩුවෙයිද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ ප්‍රධාන කුකුළු මස් නිෂ්පාදනකරුවන් අද (01) පැවති සාකච්ඡාවේදී, දේශීය කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟතාව පළ කර ඇත.

ව්‍යාපාරිකයන් අමාත්‍යවරයාගෙන්  ඉල්ලීමක් සිදුකර ඇත්තේ , වර්තමානයේ වෙළෙඳපොළේ කුකුළු මස් මිල ඉහළ යාමට හේතු වී ඇත්තේ, ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා පනවා ඇති රුපියල් 75ක ආනයනික බද්ද බවත්, එය රුපියල් 25ක් දක්වා අඩු කරදෙන ලෙසත්ය.

එසේ වුවහොත් කුකුළු මස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 100කින් අඩු කිරීමට ඔවුන් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

බඩඉරිඟු සඳහා වන ආනයනික බද්ද රුපියල් 25ක් දක්වා අඩු කිරීමේ යෝජනාව ද අද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට එකඟතාව පල කල අමාත්‍යවරයා මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව පවසා ඇත.

තවද , රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පහත වැටෙන අවස්ථාවල එහි වාසිය පාරිභෝගිකයාට ලබාදීම සදහා පියවර ගැනීමටත් කුකුළු මස් කර්මාන්තකරුවන් එකඟත්වය පළ කර ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...