නවතම IHP සමීක්ෂණ වාර්තාව අනුව ලොකු පරතරයක් සහිතව සජිත් ඉදිරියෙන් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පසුගිය මාස ගණනක සිටම සමීක්ෂණ වාර්තා පළ කරන සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) විසින් 2024 ජුනි මාසය සඳහා සිය සමීක්ෂණ වාර්තාව මේ වනවිට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව 43%ක ප්‍රතිශතයක් ලබා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන්ම සිටින අතර අනුර කුමාර දිසානායක මහතා 30%ක ප්‍රතිශතයක් ලබාගනිමින් දෙවැනි ස්ථානයෙහි පසුවෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 20%ක ප්‍රතිශතයක් ලැබී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇත්තේ 7%ක ප්‍රතිශතයක් පමණි.

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජනප්‍රියත්වය මැයි මාසයට වඩා ඉහළ ගොස් ඇති අතර අනුර කුමාර දිසානායක මහතාගේ ජනප්‍රියත්වය මැයි මාසයට සාපේක්ෂව පහළ ගොස් ඇත.

ජුනි මස ඇස්තමේන්තු සඳහා ආකෘති අවිනිශ්චිතතාවෙහි සැලකිය යුතු වැඩිවීමක් සිදුව ඇති බවත් එබැවින් ප්‍රමුඛ අපේක්ෂකයින් දෙදෙනාම දෝෂ ආන්තිකය තුළ සිටින බවත් මෙම සමීක්ෂණය සිදුකරන IHP ආයතනය පවසයි.

පෙර පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...