එක්සත් ජනපදය වෙනුසියුලානු මැතිවරණයේ විපක්ෂ අපේක්ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් ජයග්‍රාහකයා ලෙස පිළිගනී – බ්ලින්කන්

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊයේ(01)දිනයේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, වෙනිසියුලාවේ ජූලි 28 පැවති ජනාධිපතිවරණයෙන් එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් උරුටියා වැඩිම ඡන්ද දිනූ බව එක්සත් ජනපදය පිළිගන්නා බවයි.

රටේ මැතිවරණ කවුන්සිලය ඉරිදා පැවති මැතිවරණයෙන් නිකොලෝ මදුරෝ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කළ නමුත් ජනාධිපතිගේ ප්‍රධාන අභියෝගකරු ගොන්සාලෙස් සහ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසා තිබුණේ, ජන්ද පත්‍රවලින් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් තමන් ලබා ගත් බවයි.

මේ වන විට මදුරෝගේ ජයග්‍රහණය ප්‍රකාශ කිරීමත් සමඟ රටපුරා විරෝධතාවයන් ආරම්භ වී ඇති අතර 11 දෙනෙකු මියගොස් විශාල ප්‍රමානයක් අත්අඩංගුවට පත්ව තිබේ. මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් කොලොම්බියාවේ සහ මෙක්සිකෝවේ රජයන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් වෙනිසියුලාවේ මැතිවරණ බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණේ, ප්‍රතිඵල අපක්ෂපාතී සත්‍යාපනය කිරීම තුළින් මහජන පරමාධිපත්‍යයේ මූලික මූලධර්මයට ගරු කළ යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...

කල් ගියත් මෙවර උසස්.පෙළ. ප්‍රථිඵල ගැන ඉඟියක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : පසුගිය දින...