*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

මේ සතියේ ලිට්‍රෝ ගෑස් මිල අඩුකෙරෙන ප්‍රමාණය ගැන සභාපතිගෙන් ඉඟියක්

අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිල වැඩි කළ ප්‍රමාණයට වඩා වැඩි ගණනකින් මෙවර ගෑස් මිල අඩුකිරීමට බලාපොරොත්තු වන බවත් අනිවාර්යයෙන්ම අගෝස්තු 05 වනදා එම මිල අඩුකිරීම සිදුකරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

“අපි මීට දින 20කට කලින් කිව්වා වගේම මේ වෙනකොට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්ෂ 22කට අධික ප්‍රමාණයක් වෙළඳපොලට නිකුත් කරලා ඉවර කරලා තියෙනවා. මේ වෙනකොට අපි පොරොන්දු වුණා වගේම ගෑස්වල තිබුණු ඒ පෝලිම්, තදබදය 100%ක් අවම කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි තවත් කාරණයක් කියනවා නම් ලෝක වෙළඳපොලේ ගෑස්මිල අනුව අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම අගෝස්තු 05 වෙනිදා වෙනකොට ගෑස් මිල අඩුකරන්න. ඒක අපට සහතික කරලාම කියන්න පුළුවන්. ඒක සුබදායී කාරණයක් වෙයි ජනතාවගේ පැත්තෙන්. මම දැන් කැමති නෑ අඩුකරන මිල හරියටම රුපියල් ගාණකින් කියන්න. හැබැයි මම ඉඟියක් දෙන්නම්, අපි මේ මෑතකදී මිල වැඩිකරපු ගාණට වඩා වැඩි ගාණකින් මිල අඩුකරනවා. අපි රුපියල් 50කින් විතර තමයි වැඩි කළේ ඊයෙ පෙරේදා, හැබැයි ඊට වඩා වැඩි ගාණකින් අනිවාර්යයෙන්ම අඩු කරනවා. සාමාන්‍යයෙන් ඊට වඩා ගොඩක් වැඩි මුදලකින් තමයි අපි අඩුකරන්න බලාපොරොත්තු වෙන්නෙ”

මුදිත පීරිස් මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan