*
Friday, April 19, 2024
spot_img

Latest Posts

නිවී ගිය රතු සඳ එළිය – මහාචාර්ය පියසිලී විජේගුණසිංහ

මෙරට මාක්ස්වාදී ව්‍යාපාරය හා බැඳුණු අයට නම් ඇයව හඳුන්වා දිය නොයුතු වුවද ඇය ගැන වත්මන් පරපුර එතරම් දන්නේ නැත. ඇය මිය ගියේ 2010 වසරේය. එම වසරේ ඔක්තෝබරයේ මම ඇය පිළිබඳ එක්තරා සඟරාවකට සටහනක් ලියුවෙමි. එම සටහන යළි මුහුණු පොතේ පාඨකයන් වෙනුවෙන් පළ කරන්නට සිතුවේ වත්මන් පරපුර ඇය පිළිබඳව යම් පමණකින් හෝ දැන සිටීම වැදගත් යැයි සිතුණු බැවිනි. පහත පළවන්නේ එම සටහනය.

************************************************************

පසුගිය දිනෙක කොළඹ නගරයේ ප්‍රදර්ශනය කර තිබූ එක්තරා පෝස්ටරයකට මගේ ඇස ඇදී ගියේ නිරායාසයෙනි. පියසිලී විජේගුණසිංහ මහත්මියගේ රුව රැගත් එම පෝස්ටරයේ සටහන්ව ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට මා මොහොතක් ඒ අසල නැවතී කියවන්නට වීමි. එය ඇයගේ කිසියම් ශාස්ත්‍රීය කාර්යයක් අරභයා වන ප්‍රචාරක පෝස්ටරයක් යැයි මා මුලින් සිතුවද එහි සටහන්ව තිබූ පණිවිඩය මා සිත ඇති කළේ දොම්නසකි. එහි සටහන් වූයේ මෙරට සිටි අග්‍රගණ්‍ය මාක්ස්වාදී කලා විචාරිකාවගේ අභාවය පිළිබඳවය.

පියසිලී විජේගුණසිංහ නමැති රූපකාය තුළ රුව, ගුණ, තේජසින් යුතු අපූරු කාන්තාවක සැඟව සිටියේය. මාක්ස්වාදී චින්තනයෙන් පෝෂණය ලබා එයින්ම පන්නරය ලද ඇය එතෙක් මෙරට පැවැති සම්මත විචාරයට එරෙහි වෙමින් ගැඹුරු මාක්ස්වාදී විචාර කලාවක් හඳුන්වා දෙන්නට පුරෝගාමී වූවාය. කව් සිළුමිණ, ගුත්තිලය වැනි කාව්‍ය පිළිබඳ ගැඹුරින් විශ්ලේෂණය කළ ඇය සිනමාව, නාට්‍ය , සාහිත්‍ය වැනි සියලු කලාවන් පිළිබඳ විචාරයේ නිරත වූයේ නූතන විචාර කලාවේ පවත්නා සුවිශේෂී මිනුම්දඬු උපයෝගී කරගනිමිනි. විප්ලවවාදී ලෝක පක්ෂයේ හතරවැනි ජාත්යතන්තරයේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකාවක වූ ඇය දැඩි ට්‍රොට්ස්කිවාදිනියක වූ අතර නිර්ධන පාන්තිකයන් උදෙසා කැපවූ සටන්කාමිනියකද වූවාය.

1943 පෙබරවාරි 20 දින ගාල්ලේ හපුගලදී උපන් ඇය ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයෙන් මූලික අධ්ප‍යාපනය ලබා පසුව පේරාදෙණි විශ්වවිද්‍යා ලයට ඇතුළත් වූවාය.

විශ්වවිද්‍යාලය තුළ සටන්කාමිනියක ලෙස කැපී පෙනුණු ඇය සිසු අරගලවලට මූලිකත්වය ලබා දුන් අතර ඒ නිසා පන්ති තහනමටද ලක්වූවාය. තම හෘදය සාක්ෂියට අනුගතවෙමින් කම්කරු දේශපාලන පක්ෂයකට එක් වූ ඇය එම අරමුණ උදෙසා තම ජීවිතයම කැප කළාය.

එංගලන්තයේ ලීඩ්ස් සරසවියෙන් ඉන් ග්‍රීසි සාහිත්‍ය පිළිබඳ ගෞරව උපාධියක් ලද පියසිලී විජේගුණසිංහ අපරදිග කලාවන් පිළිබඳ දැනුමින් මනාව පෝෂණය වී සිටියාය. කලක් මානෙල් හපුගල යන අන්වර්ථ නාමයෙන් පක්ෂ පුවත්පත සඳහා සාහිත්‍ය හා කලාව පිළිබඳ ලිපි ලේඛන රැසක් ඇය විසින් ලියුවාය. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක ලෙස සේවය කරන අතර මෙරට කලා විචාරයට මාක්ස්වාදී මුහුණුවරක් හඳුන්වා දුන් ඇය තම ප්‍රථම කෘතිය – සාහිත්‍යය භෞතිකවාදී අධ්‍යයනයක් – නමින් 1982දී එළිදැක්වූවාය. එම කෘතිය සම්බන්ධයෙන් එවක සිටි ප්‍රධාන ධාරාවේ විචාරකයන් ඇයට එරෙහි වෙද්දී ඒවාට පිළිතුරු ලෙස තම දෙවැනි කෘතිය වූ – නූතන සිංහල සාහිත්‍ය විචාරය – මාක්ස්වාදී අධ්‍යයනයක් නමින් පළ කළාය. පසුව මහාචාර්ය සුචරිත ගම්ලතුන් විසින් මෙම කෘති ද්වයම නිර්දය ලෙස විචාරයට ලක් කළ අතර ඇය සුචරිතගේ විචාරයට එරෙහිව -මාක්ස්වාදී කලා විචාරයෙහි මූලධර්ම නමින් තම තෙවැනි කෘතිය එළිදැක්වූවාය. ඇයගේ සිව්වැනි කෘතිය වූයේ ගෝඩ් ඔෆ් ස්මෝල් තිංග්ස් විචාරයක් සහ පිළිතුරක් නමැති කෘතියයි. ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයිගේ ගෝඩ් ඔෆ් ස්මෝල් තිංග්ස් කෘතිය සම්බන්ධයෙන් ඇය විසින් ලියන ලද විචාරයට එරෙහිව මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් නගන ලද චෝදනාවලට පිළිතුරු ලෙස ඇය එම කෘතිය රචනා කර තිබිණි.

වරින් වර විවිධ රජයන් යටතේ තම පක්ෂයට එල්ල වූ තහංචිවලට මුහුණ දෙමින් 2022 ජුලි 28 දින අප අතරින් වියෝ වූ සමාජවාදී සමානතා පක්ෂයේ සභාපතිවරයාව සිටි විජේ ඩයස් නමැති තම සැමියා සමඟ එක්ව සිය දේශපාලන අරමුණු උදෙසා අය නොසැලී සිටියාය. ශ්‍රී ලංකාවේ නූතන පරපුරට මාක්ස්වාදී කලා විචාරය කුමක්දැයි හඳුන්වා දුන් ඇය 1997 සිට 2009 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරිය ලෙසින්ද කටයුතු කළාය. එම කාලය තුළ මාක්ස්වාදී කලා විචාරය හැදෑරීමට පාඨමාලාවක්ද ඇය ආරම්භ කළාය.

විචාරිකාවක, ලේඛිකාවක මෙන්ම ඇය දක්ෂ ගායිකාවක හා නිළියක බව දන්නේ ටික දෙනෙකි. බන්දුල ජයවර්ධනයන්ගේ ස්වර්ණ හංස නාටකය ඇයගේ රංගනයෙන් හා ගායනයෙන් ඔපවත්වූවකි. බටහිර සම්භාව්‍ය සංගීතයට දැඩි ඇල්මක් දැක්වූ ඇය බෙතෝවන්ගේ සංගීත ඛණ්ඩවලට දැඩි ඇල්මක් දැක්වූවාය.

විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම ගිය පසුද ඇය දිගටම ලේඛන කලාවේ නිරත වූවාය. ට්‍රොට්ස්කිවාදි ව්‍යායාපාරයේ සම්මන්ත්‍රණ ලිපි මාලා විශාල ප්‍රමාණයක් ඇය වෙතින් සිංහලට පරිවර්තනය විය. පසුකාලයේ ඇගේ ලිපි වැඩි වශයෙන් පළවූයේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේය. ඉංග්‍රීසි බසින් රචිත එම ලිපි ලොව බොහෝ පිරිසකගේ දැනුම් පරාසය පුළුල් කරන්නට සමත් විය. සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් සිටියද මෙම ධෛර්යවන්ත ගැහැණිය සුපුරුදු ලෙස තම කාර්යභාරය ඉටු කළාය. ඇයගේ සිරුර තුළ සැඟවී සිටි රෝගකාරකයා ඇයගේ දිවිගමන 67 වැනි වියෙන් අවසන් කරන ලද්දේ තවත් බුද්ධිමතියක ශ්‍රී ලංකාවට අහිමි කරමිනි. මට ඇය හමුවී ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. එහෙත් එම හමු සදානුස්මරණීය මතකයන්ය.

ඔබට අපේ විප්ලවීය ආචාරය

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
(Facebook)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan