ශ්‍රී ලංකාව, ඉන්දියාවට නොසිතු බලපෑමක් ඇති කර සම වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 03, (LNW) කොළඹ :

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු එක්දින තරගය තරගකාරීත්වයෙන් අනූන තරගයක් වෙමින්,ජය දෙපසට පාවෙමින් තිබී අවසානයේ ජය පරාජයෙන් තොරව නිමා වූයේ ලකුණු තත්ත්වය සම වෙමින්ය.
සෙමින් පිත්තට ගලා එන සහ දඟ පන්දු යවන්නන්ට වාසිදායක තණතීරුවේ කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉණිම ආරම්භ කිරීම සඳහා අවස්ථාව ලද අවිශ්ක ප්‍රනාන්දු ජාත්‍යන්තර තරග අපලයට යළිත් හසු විය.දේශිය තරග පිටියේ ඉහළ දස්කම් පෙන්වා ජාතික කණ්ඩායමට ඇතුළත් වන අවිශ්ක නිතරම ජාත්‍යන්තර තරගවලදී අසාර්ථක ප්‍රතිපල පෙන්වී සුලබ තත්ත්වයක් වී ඇත.මේ තරගයේදීත් අවිශ්කගේ දායකත්වය වූයේ ලකුණු 1 කි.


ඉණිම ඇරඹු පැතුම් නිශ්ශංක පන්දු ඕවර් 27 ක් පිටියේ සිට 27 වන පන්දු ඕවරයේ තෙවන පන්දුවේදී දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව 101 ක් වී තිබිණ.පැතුම් පන්දු 75 ට මුහුණ දී දැවී ගියේ ලකුණු 56 ට ශ්‍රී ලංකා කණ්ඩායමේ 5 වන කඩුල්ල ලෙසය.අංක 7 පිතිකරු ලෙස පසුපෙළ සංවිධානාත්මකව පෙර ට ගෙන එමින් ද, ලකුණු වේගය වැඩි කර රඳවා ගනිමින් ද දුනිත් වෙල්ලාලගේ අංක 7 පිිතිකරු ලෙස ශ්‍රී ලංකාවට නියමිත පන්දු වාර 50 ට මුහුණ දී නිමා කරන විට නොදැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 67 කි.පන්දු 65 න් වෙල්ලාලගේ ලැබූ ලකණු 67 ට හතරේ පහර 7 ක් සහ හයේ පහර දෙකක්ද එකතු වී තිබිණ.
ඉන්දීය පන්දු යවන්නන් අතරින් අර්ශදීප් සිං ලකුණු 47 ට කඩුලු 2 ක් සහ අක්ෂාර් පටෙල් ලකුණු 33 ට කඩුලු 2 ක් දවා ගනිමින් කැපී පෙණින.මේ ලකුණු ප්‍රමාණය හඹා යාමට පහසු ඉලක්කයක් කර ගත් ඉන්දියාව තරගයේ පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 75 ක් රැස් කර ගනිමින් ඉන්දියාව ජයග්‍රහණය දෙසට යොමු වී තිබිණ.

ඒ මොහොතේදී මැදිහත් වූ වෙල්ලාලගේ පිත්තෙන් දැක් වූ ඇගයිය යුතු දක්ෂතාවයට පන්දු යැවීමේ අගය ද මුසු කරමින් ආරම්භක පිතිකරු සුබ්මන් ගුල් දවා ගැනීමට සමත් විය.ඒ ලකුණු 16 ට ය.ඉනික්බිති ඉන්දියාව වෙනුවෙන් හොඳහ ඉණිම දියත් කළ රෝහිත් ෂර්මා ද දවා ගනිමින් වෙල්ලාලගේ ඉන්දියාව ගොඩ නඟමින් සිටි ස්ථාවරයට හරස් වෙන්නට සමත් විය.ෂර්මා එක් කළ ලකුණු ගණන 58 කි.


ඉන්දීය ඉණමේ පිතිකරු නාමාවලියේ එකම අර්ධ ශතකය රෝහිත් ෂර්මා සතු කරන්නට සමත් වූ ලාංකේය පන්දු බල ඇණිය අතරින් වනිඳු හසරංග ලකුණු 58 ට කඩුලු 3 ක් දවාලු අතර අතිරේක පන්දු යවන්නෙක් විදිහට තමන්ව යොදා ගත් නායක චරිත් අසලංක ලකුණු 30 ට කඩුලු 3 ක් දවා ගත්තේය.චරිත් තරගයේ 48 වන පන්දු ඕවරයේ හතරවන සහ පස්වන පන්දුවලදී පිට පිටම ඉන්දීය ඉණිමේ නවවන සහ දහවන කඩුල්ල දවා ගනිමින් තරගයේ ලකුණු තත්ත්වය සම කිරීම ඉන්දීය කණ්ඩායම පරාජය කළ තරමේ දස්කමකි.ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ දක්ෂතාවය නැවත හැරී පැමිණීමකි.එය රැක ගැනීම නොනැවතී සිඳු විය යුතුය.පන්දු රැකීම සම්බන්ධයෙන් යම් පසුබෑමක් පෙන්වීම නැවත්වීමට වඩාත් කැප විය යුතුය.එසේ විණි නම් මේ තරගයද සම නොවී ජයග්‍රහණයක් වන්නට ද තිබිණි.


තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන්න → https://es.pn/3Mbldop

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CID සහ FCID ට අමතරව PCID නමින් අලුත් ඒකකයක්

සටහන - රුවන් නෙළුගොල්ල අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම...

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...