බංකොලොත්භාවයෙන් ගොඩ ඒමේදී සාමාන්‍ය ජනතාව පමණක් නොව රටේ නායකයාත් කැපකිරීම් කළ යුතුයි – සජිත් (VIDEO)

Date:

පසුගිය දිනක IMF නියෝජිතයන් හමු වී රටේ වෙනස්කම් සිදුවී ප්‍රතිසංස්කරණ සිදු වී ඒ හරහා රට ගොඩ ආ යුතු බව පැවසු බවත් එසේම කැපකිරීම් සිදු කරන විට සැවොම කැපකිරිම් සිදු කළ යුතු බවත් පළමුව කැපකිරීම් කළ යුත්තේ රාජ්‍ය නායකයා බවත් ඔහු රටට ආදර්ශයක් විය යුතු නමුත් අප රටේ සිදු වූයේ එහි අනික් පැත්ත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සුපිරි ධනපතියන් කෝටිපතියන් බේරා මෙරට වැඩ කරන ජනතාවගේ අර්ථසාධකයට බලපෑම් කළ බවත් මෙවැනි අවස්ථාවකදී වැඩ කර ජනතාව මෙන්ම සුපිරි ධනවතුන් හා පොහොසතුන් ද කැපකිරිම් කළ යුතු බවට තමා IMF නියෝජිතයින්ට පැවසූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිහිපත් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ කුරුණැගලදී පැවැති සමගි ජන බලවේගයේ භික්ෂු උපදේශක සභාව අමතමිනි. මෙම වැඩසටහනත් සමග දිවයින පුරා භික්ෂු උපදේශක සභා 6ක් සිදු කර තිබේ.

අද වන විට විවිධ ප්‍රශ්න ගැටලු නිසා බොහෝ විහාරස්ථාන වැසී ගොස් ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා ගමේ නගරයේ විහාරස්ථානය එම ගමේ නගරයේ සෞභාග්‍යයේ කේන්ද්‍රස්ථානය බවත් ඒ සඳහා විහරස්ථාන පද්ධතිය සුරක්ෂිත කිරීමට ප්‍රවර්ධනය කිරීමට හා සංවර්ධනය කිරීමට විහාරස්ථාන කැපකරු මාපිය ක්‍රමයක් ඇති කරන බවත් මේ හරහා විහාරස්ථාන දියුණු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි බිල වැඩි කිරිම නිසා විහාරස්ථාන රාශියක් දැඩි අසරණ වී ඇති නිසා මේ විහාරස්ථාන සහ අනෙකුත් ආගමික සිද්ධස්ථාන සඳහා සූර්ය බලශක්ති වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් සුහුරු අධ්‍යාපනය පාසල්වල මෙන්ම පන්සල් හා ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතව ද ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොවි ජනතාව වෙනුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : ශ්‍රී ලංකා මගවැලි...

ඇමරිකාව සහ ඉරානය අතර පවතින වත්මන් යුධමය උණුසුම කෙබඳුද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

පියතුමාට පහරදුන් පොලීසියේ හය දෙනාගේ වැඩ තහනම්!

කොළඹ LNW:කතෝලික පියතුමෙකුට පහරදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර...

අධ්‍යාපන ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක නොවීමෙන් දරුවෝ අසරණ වෙලා – විපක්ෂ නායක දැන් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...