මෙරට ප්‍රථම ජපන් පෙරපාසලේ 45 වැනි වාර්ෂික ක්‍රීඩා තරඟාවලිය ප්‍රාසංගික අංග රැසක් සමඟින්!

Date:

කොළඹ LNW:ලෝකයේ දියුණුතම පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපන සම්ප්‍රදාය පවතින ජපානයේ පෙර පාසල් අධ්‍යාපනය පදනම් කර ගනිමින් 1979 ශ්‍රී ලංකාවේ ආරම්භ කළ ජපන් පෙරපාසල් සම්ප්‍රදායේ ප්‍රථම පෙර පාසල වන සපුගස්කන්ද ලේ 45 වන වාර්ෂික ක්‍රීඩා තරගාවලිය පසුගියදා (30) එම විද්‍යාලීය පරිශ්‍රයේ දී පැවැත්වුණි.

ජපානයේ මහා දානපති ⁣බෞද්ධ මහෝපාසිකා තකීකෝ යොෂීඩා මැතිනියගේ ධන පරිත්‍යාගයෙන්, ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් ආරම්භ කළ යොෂීඩා ජාත්‍යන්තර පාසලේ 2024 වාර්ෂික ක්‍රීඩා උත්සවය මෙවර පැවැත් වුණේ අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ සහ එම පාසල් සමූහයේ අධ්‍යක්ෂිකා අම්බපාලි සිකුරාජපති මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

මෙහි දී පෙර පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ ක්‍රීඩා හා ශාරීරික ව්‍යායාම ආශ්‍රිත ප්‍රාසාංගික ප්‍රසංගයක් සහ ක්‍රීඩා තරඟ රැසක් හා ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැති බව යෝෂිඩා ජාත්‍යන්තර පෙර පාසලේ විදුහල්පතිනි අවන්ති පෙරේරා මහත්මිය පැවසුවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...