යුපුන් ගේ තීරණාත්මක තරගය අද

Date:

පොදු රාජ්‍ය මණ්ඩලීය කෙළි උළෙලේ පිරිමි මීටර් ඉසව්වේ මූලික තරගවල හොඳම කාලය වාර්තා කළ තරගකරුවා ලෙස අවසාන පූර්ව වටයට පිවිසි යුපුන් අබේකෝන් අද (අගෝස්තු 03) තීරණාත්මක අවසාන පූර්ව තරගයට සහ එහි ප්‍රතිපල මත අවසාන පූර්ව වටයට පිවිසීමට පිවිසීමට නියමිතය.අවසාන පූර්ව තරග තුනක් පැවත්වෙන අතර එහිදී තරග තුනේ පළමුවැන්නා සහ දෙවැන්නා අවසාන තරගයට තෝරා ගැනෙන අතර ඉතිරි අවස්ථා දෙක හිමිවන්නේ තරග තුනේම කාලය සළකා එහි හොඳ කාලයන් දෙක වාර්තා කරන තරගකරුවන් දෙදෙනාටය.
යුපුන් තරග වදින තරගයේ ස්වභාවය දැඩි තරගකාරීත්වයක් ගැනීමට ඇති ඉඩ විශාලය.එහි දී තත්පර 10 ට අඩුවෙන් මීටර් 100 අවසන් කළ සිව්දෙනෙක් යුපුන් ද ඇතුළුව සිටින අතර එම අවසාන පූර්ව තරගය තෙවන මෙන්ම අවසන් අවසන් පූර්ව තරගයද වන බැවින් සෙසු තරග දෙකේ කාලට ඉක්මවා හොඳම කාලයන් වාර්තා කරන්නට සියල්ල උත්සාහ කරන බැවින් වඩා තරගකාරී බවක් ගනු ඇත.මේ තරගකාරීත්වය නිසා සහ පළමු වටයේ තත්පර 10.06 වාර්තා කිරීම සඳහා තරග වැඳි සැහැල්ලු ආකාරය සළකද්දී අවසාන පූර්ව වටයේ දී බොහෝ විට යුපුන්ගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය ද අවසාන පූර්ව තරගයේදීම වෙනස් වෙන්නට ඇති ඉඩ විශාලය.
මේ අතර රුක්මාල් ප්‍රසන්න සහ සංජීවනී කුරේ ද ඊයේ (අගෝස්තු 02) දිනයේ සිය බොක්සිං ගැටුම් ජය ගනිමින් අර්ධ අවසාන වටයට පිවිසෙන්නට සමත් වූහ.ඔවුන් දෙදෙනා අවසාන පූර්ව වටයට පිවිසීම සඳහා තරග වදින්නේ අනිද්දාය.අද දවසේ දී (අගෝස්තු 03) බොක්සිං ක්‍රීඩිකා හංසිකා කේශානි ද අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන අතර අවසාන පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමෙන්ම ඔව්හූ ලෝකඩ පදක්කමට සුදුස්සෝ වෙති.ඒ නිසා තිදෙනාම සිය උපරිමය විදහා පාමින් අර්ධ අවසාන පූර්ව වටයට දැඩි බරක් යොදමින් ක්‍රීඩා කරනු ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...